Featured

Share now!

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

වැටුප් , දීමනා, උසස්වීම් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගත් එම වැඩ වර්ජනය අද (24) පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර පැය 48 ක් පුරාවට ක්‍රියාත්මක වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති නියෝජිතයින් මෙම වැඩ වර්ජනයට එක්ව සිටිති.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කරන්නේ සිය සංගමයට අයත් හෙද සංගම් සාමාජිකයින් වර්ජනයට සහය නොදක්වන බවය.