BREAKING NEWSආර්ථිකදේශපාලන

Share now!

රටේ පවතින තත්වය අනුව අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසු අතර දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසීය.