Featured

Share now!

කින්නයා කුරුඤ්ඤංකර්නි කලපුවේ දී ජීවිත 06 ක් බිලි ගනිමින් පෙරලුණු පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුට මිනිස් ඝාතන චෝදනා ගොනු කරන බව පොලීසිය කියයි.

ඒ අනුව ඔවුන් තිදෙනොව අද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මෙන්ම කින්නියා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මස්සිනාය.සෙසු දෙදෙනාගෙන් එදක් අයෙක් වන්නේ පාලම් පාරුවේ ක්‍රියාකරුවන අතර අනෙකා එහි ගමන් කළ මගීන්ගෙන් මුදල් අයකළ තැනැත්තාය.

ජීවිතාරක්ෂක කබාගයක් හෝ අවම ජීවිතාරක්ෂක උපකරණයක් වත් එම අනතුර සිදුවන අවස්ථාවේදී පාලම් පාරුවේ තිබී නැති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එසේ තිබියදීත් ප්‍රමාණය ඉක්මවා මගීන් පටවාගෙන ගමන් කර ඇති බවත් ඒ හේතුවෙන් යාත්‍රාවේ සමබරතාව ගිලිහී ගොස් මෙම අනතුර සිදුව තිබෙන බවත් පොලීසිය සදහන් කරයි.