නවතම පුවත්

ද.අප්‍රිකාව වර්ගවාදය තුරන්කිරීමට ගත් ක්‍රියාමාර්ග අධ්‍යනය කරනවා- ජනපති

අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී කලීඩ් කියාරි මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මහතා මෙරටට පැමිණ සිටි. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ජනාධිපති වෙත පළ කළ කලීඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසූ බව සදහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

ජනාධිපතිතුමා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව පිළිබඳ සතුට පළ කළ සහකාර මහ ලේකම්වරයා සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළේය.

නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණයට හා පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ මගින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබීය.

කොවිඩ් – 19 වසංගතය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදුකළ සංවර්ධන වැඩපිළිවෙළ මගින් එම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් සිදුව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමග වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපතිතුමා සිහිපත් කළේය. ඒ පිළිබඳ සුබවාදීව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

ජාතීන් අතර සමගිය සහ සබඳතා පිළිබඳ දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගැනිණ. සියලුම ජාතීන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. අධිකරණ අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවත්, නීතිපතිවරයා දෙමළ ජාතිකයෙකු බවත් වෙනත් විශේෂ තනතුරු දරණ බොහෝ දෙනෙකු අනෙකුත් ජාතීන් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී රජය විශාල වැඩ කොටසක් සිදු කරන බැවින් ඒ කෙරෙහි කිසිඳු සැකයක් තබා නොගත යුතු බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජාතීන් අතර සමගියට අධ්‍යාපනය මූලික වන බව දෙපාර්ශ්වයේම අදහස විය.

දකුණු අප්‍රිකාව වර්ගවාදය තුරන්කොට ඉදිරියට යෑමට අනුගමනය කළ ක්‍රියාදාමය අධ්‍යයනය කොට ඒ පිළිබඳ උගත හැකි පාඩම් තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි (Hanaa Singer – Hamdy), එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාම සාධක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරී චියාකි ඕටා (Chiaki Ota), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී