නවතම පුවත්

පොලිස්පතිකම ගැන පොලිස්පති උසාවියට කී දේ

අසංක

අසංක

ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

රාජ්‍ය නායකයෙක් තරමට පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමෙන් බැදී සිටින බව ද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලෙහි සාක්ෂිකරුවෙක් ලෙස ඊයේ සාක්ෂි ලබාදෙමිණි.

මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරේ.

පොලිස්පතිවරයාට පියවරක් ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි අංශයකින් ලබාදෙන තොරතුරක් නිශ්චිත බුද්ධි තොරතුරක් විය යුතුමදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් පැමිණිල්ලේ සාක්ෂි මෙහයවමින් විමසා සිටියේය.

” නැහැ. සෑම විටම රාජ්‍ය බුද්ධි අංශයෙන් නිශ්චිතම බුද්ධි තොරතුරු ලැබෙන්නේ නැහැ. පොලිස්පතිවරයා තමයි පවතින තොරතුරු වර්ධනය කිරීමට සහ ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය පියවර ගත යුත්තේ. එබැවින් යම් දෙයක් විය හැකි කියලා තියෙනවා නම් ඒ දේ වුණොත් මොනාද කරන්නේ කියන තැන ඉඳලයි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් හැටියට හෙට යම් ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා කියලා තොරතුරක් ආවොත් අද එය වුනොත් කියන අවදානම අරගෙනයි ආරක්ෂිත වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ.” යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සදහන් කළේය.

සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දෙනු ලැබුවේ තමාට ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශකින් තොරතුරක් ලැබුණහොත් තමා එය හොඳින් අධ්‍යයනය කර, බුද්ධි අංශ සහ වෙනත් පළපුරුදු විශේෂඥයන් සමඟ සාකච්ඡා කර පියවරගන්නා බවය.

ඔබට අති රහස්‍ය වාර්තාවක් ලැබුණහොත් ඔබ එය එලෙසින්ම පහළ නිලධාරින් වෙත යවන්නේ දැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේය.

“මම එසේ කරන්නේ නැහැ. මම කරන්නේ එම වාර්තා හොඳින් අධ්‍යනය කරලා, අවශ්‍ය උපුටා ගැනීම් කරලා පොලිස්පතිවරයාගේ සුදුසු නියෝග සමඟ පහළට යවන එක. මොකද රාජ්‍ය නායකයෙක් තරමටම පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා මම නියෝග දුන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්න බැහැ.” යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු දුන්නේය.

පොලිස්පතිවරයා ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයා වන නිසා රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා ලෙසම පොලිස්පතිවරයාද රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින්නේ යැයි අධිකරණය හමුවේ සී.ඩී. වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇති බව මෙන්ම තමාට නොලැබුණේ යැයි කීමේ හැකියාවක් පොලිස්පතිවරයාට නොමැති බවත් සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී