නවතම පුවත්

‘ගෑස් සිලින්ඩරය’ නිවැරදිව පාවිච්චි කරන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘතකර තැබිය යුතු ය.

ගෑස් සුවඳක් දැනෙන්නේදැයි හොඳින් පිරික්සා බැලිය යුතුය .

ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය ඒදා, පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් සුදුසු ය.

ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය. ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.)

ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය. මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය. එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිපි වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ. එනිසා ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය

ගෑස් ලිප භාවිතාවේ දී හිසකෙස් ලිහිල්ව තබාගැනීම නොකළ යුත්තකි. හැඳ සිටින කමිසයේ/හැට්ටයේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය. විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පළඳන දිගු සාලු (ශෝල්) ගෑස් ලිප භාවිතාවේ දී ඉවත්කොට තැබිය යුතු ය.

ගෑස් බටය සෘජු නැමුම් හරහා ගමන් කරන්නේ නම්, එවැනි ස්ථානවල දී බටය නොනැවී, නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතු ය.

 

(පැතුම් වික්‍රමරත්න) 

([email protected])

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්