BREAKING NEWS

Share now!

සෞඛ්‍ය මාර්ගෝපදේශවල දක්වා ඇත්තේ  කොවිඩ් එන්නත් ලබානොගෙන පැමිණෙන මගීන් පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමුකරන ලෙස පමණක් බවත් ගුවන්තොටුපලේදී එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටී .

එන්නත ලබානොගෙන එන මගීන් ගුවන් තොටුපලේ රඳවා ගැනීමට හෝ පොලිසිය වෙත භාරදීමට තමන්ට බලයක් නැති බවද  ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඔමික්‍රෝන් ආසාධිත කාන්තාව එන්නත් ලබානොගෙන මෙරටට පැමිණීම සම්භන්ධව  ගුවන් තොටුපල වෙත එල්ලකෙරෙන සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය