BREAKING NEWS

Share now!

මුලතිව් මුහුදේ දියනෑමට ගොස් දියවැලකට හසුවී තරුණයින් තිදෙනෙක් මියගොස් තිබේ.

වව්නියාවේ මදවයිත්තිකුලම සහ තෝණිකල් යන ගම්මානවල පදිංචි මෙම තරුණයින් තිදෙනා දිය වැලට හසුවී ඇත්තේ ඊයේ (05) ය.

වෑන් රථයකින් මුලතිව් පැමිණි ඔවුන් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. එහිදී එක් තරුණයෙකු මළ සිරුර සවස් කාලයේදීම නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. සෙසු තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත්තේ අද (06) ය.

මෙසේ මියගොස් ඇත්තේ ශිවලිංගම් ෂකිලන් (26) , මනෝහරන් දනුෂන් (27) සහ විජය කුමාර් දර්ශන් (26) යන තරුණයින් තිදෙනාය.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා මළ සිරුරු මේ වන විට මුලතිව් රෝහලේ තැන්පත්කර තිබේ.