නවතම පුවත්

සියල්කොට් ඛේදවාචකය: ප්‍රියන්තගේ සිරුර දිවයිනට

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පාකිස්ථානයේ සියල්කොට්හිදී පසුගිය 3 වැනිදා අන්තවාදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත දියවඩනගේ දේහය ඊයේ (06) දිවයිනට රැගෙන විත් තිබේ.

ඒ ලාහෝර් සිට ශ්‍රීලන්කන් ගුවන්සේවය අයත් එයාර්බස් A330 UL186 දරන ගුවන් යානයෙනි. පාකිස්ථාන බලධාරීන් විසින් ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා බලධාරීන් වෙත දේහය භාරදීමට කටයුතු කර ඇත. ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් මහතා මහ කොමසාරිස්වරයා හමුවී සියල්කොට් හිදී ශ්‍රී ලාංකික කළමනාකරු මරා දැමූ බිහිසුණු අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන රජය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේය.

ඊයේ වනවිට ප්‍රියන්ත මහතා ඝාතනයට ලක්කළ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙක් ඇතුළුව 131 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩන බේරාගැනීමට සිය ජීවිතය පරදුවට තබමින් උත්සාහ කළ එම කම්හලේ සේවකයෙකු වන ප්‍රියන්තගේ සගයකුට, එරට ලබාදෙන “උසස්ම ජනතා සම්මානය” ලබාදීමට එරට අගමැති තීරණය කර තිබේ.

මලික් අද්නන් සිය ජීවිත ආරක්ෂාව ගැන නොතකා ප්‍රියන්ත  බේරාගැනීමට කලහකාරී ලෙස හැසිරෙමින් සිටින තරුණයින් ට යමක් වටහාදීමට උත්සාහ කරන අයුරු සහ ප්‍රියන්තව ආවරණය කරගෙන ඔහුව බේරාගැනීමට දරන ප්‍රයත්නය දැක්වෙන වීඩියෝවක් සාක්ෂි අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ගෙනඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ ඒ අනුව මලික් ට ටෙම්ඝා අයි ෂූරත් හෙවත් “නිර්භීතකම සඳහා වූ පදක්කම” ලබාදීමට තීරණය කළ බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්