නවතම පුවත්

සතියක් තුල ගෑස් පැමිණිලි 430ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබද විමර්ශනය කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ පැවසුවේ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලි 458 ක් ඉකුත් ඉරිදා දින වනවිට ලැබී තිබූ බවයි.

ඉන් පැමිණිලි 430ක්ම ලැබී ඇත්තේ නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වායි. අදාළ කාලය තුළ පමණක් ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 227 ක්. පැමිණිලි 174 ක් ලැබී ඇත්තේ ගෑස් ලිපෙහි මුහුණත බිඳීයාම් හා ගෑස් ලිප් පුපුරායාම් සම්බන්ධයෙන්.

එම කමිටුව පවසන්නේ ගෑස් කාන්දුවීම් හදුනා ගැනීම සදහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටළුවක් බවට හදුනාගත් බවයි. ඒ අනුව අදාළ සමාගම් විසින් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල අදාළ ගන්ධය නිකුත්වීමට අදාළ රසායනික ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යෙදීමට ද එකඟ වී තිබෙනවා. අදාළ කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාරක්‍ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩර්වල කාන්දුවීම් පරීක්‍ෂා කිරීමෙන් වළකින ලෙසයි.

තත්ත්වයෙන් බාල සහ නියමිත කාලය ඉක්ම වූ රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත් වූ උදුන් භාවිතය වාර්තා වූ ගෑස් අනතුරුවලට බලපෑ ප්‍රධාන හේතුවක් බවයි ජනාධිපති කමිටුව හදුනාගෙන ඇත්තේ.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබද විමර්ශනය කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුව පැවසුවේ පසුගිය සමයේ වාර්තා වූ ගෑස් අනතුරුවලට ගෑස් සංයුතියේ යම් වෙනසක් බලපා ඇත් දැයි තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකරමින් ඇති බවයි.

දිගින් දිගටම සිදුවූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළදපොලට ගෑස් නිකුත් කිරීම අත්හිටුවීමට ඉකුත්දා පියවර ගත් අතර නව නිර්දේශ යටතේ සමාගම් දෙකම ඊයේ සිට වෙළදපොලට යළිත් ගෑස් නිකුත් කරමින් සිටිනවා.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?