BREAKING NEWS

Share now!

2021 වසරේ මුල් මාස 11 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 104,989 ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි .

එසේම පසුගිය නොවැම්බර් මාසයේ දී පමණක්  මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 44,294 ක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

මෙය 2021 වසරේ එක් මාසයක් තුළ පැමිණ ඇති වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණය වන බවද වාර්තාවේ .

එහිදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ගණන 14,236 කි. ඊට අමතරව එක්සත් රාජධානියෙන් 3,770 ක්, රුසියාවෙන් 3,520 ක්, ජර්මනියෙන් 2,667 ක් හා ප්‍රංශයෙන් 1,447 ක් යනාදී වශයෙන් මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි සෙසු රටවල් අතර පෙරමුණේ වේ.

මේ අනුව 2021 ජනවාරි – නොවැම්බර් මාස 11 ක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 104,989 ක් වේ.