නවතම පුවත්

රුසියානු සංචාරක වෙළඳපොළ ඉලක්කකොට කඩිනම් ප්‍රවර්ධන වැඩසටහනක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියානු හා යුක්රේන සංචාරක වෙළඳපොළ  ඉලක්ක කරගනිමින් සුවිශේෂී  මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇත .

මේ යටතේ එම රටවල්වල ප්‍රධාන පෙලේ සංචාරක මාධ්‍යවේදීන් , නව මාධ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම්  මෙරටට ගෙන්වීමටත් , ඔවුන්ට පහසුකම් සැලසීමටත් ශ්‍රී ලංකා සංචරණය මේ වනවිටත් කටයුතු යොදා ඇත ,

විශේෂයෙන්ම එළඹෙන ශීත ඍතු නිවාඩු සමය ඉලක්ක කොට , රුසියානු කලාපයේ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම ප්‍රචාරණ වැඩසටහන දියත්කර ඇත .

නොවැම්බර් හා දෙසැම්බර් මාස තුල ක්‍රියාත්මක මෙම මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සඳහා එක්කරගෙන ඇති රුසියානු කලාපයේ   සංචාරක මාධ්‍යවේදීන් හා නව මාධ්‍ය ක්‍රියාකාරීන්හට,  මිලියන 12කට අධික ප්‍රේක්‍ෂක , හා පාඨක පිරිසක් ආවරණය කල හැකි බවට ගණන් බලා ඇත .

ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැංවීම සඳහා ගනු ලබන ඉතා වැදගත් ක්‍රමෝපායික පියවරක් ලෙස මෙම  ප්‍රවර්ධන වැඩසටහන නම් කල හැකි බව ශ්‍රී ලංකා සංචරණය පවසයි .

කොවිඩ් වසංගතය  සමග ලොව පුරා සංචාරකයින්ද ” නව සාමාන්‍යයකට ” හුරුවී ඇති බවත් , එම නව සාමන්‍යයයේ රටාවන්ට ගැලපෙන හා  අනුගත වන ලෙස මෙම නව ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචරණයේ ප්‍රකාශකයකු අප වෙත  පැවසීය .

විශේෂයෙන්ම මේ වනවිට බොහෝ සංචාරකයින් තම සංචාරක ගමනාන්ත පිලිබඳව තීරණයන් ගනු ලබන්නේ අවසන් මොහොතේ බවත් , එම මොහොතේ ලොව තුල පවතින කොවිඩ් තත්වයන් , සංචරණ සීමා ආදිය සලකා බලා ඔවුන් එම තීරණයන් ගනු ලබන බවත් ශ්‍රී ලංකා සංචරණය පවසයි .

මෙම ශීත සමය වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන්,  මේ මොහොතේ ආරම්භ කලේ,  ඒ රටාවන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවවන බවද ” ශ්‍රී  ලංකා සංචාරණයේ ප්‍රකාශකය අප වෙත පැවසීය  .

රුසියානු කලාපයේ සංචාරකයින් මේ වනවිට ලෝක සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇති අතර ‘VISA” ජාත්‍යන්තර ගෙවීම් ආයතනයේ දත්තයන්ට අනුව 2016 , 2017 වසරවලදී රුසියානු කලාපයේ සංචාරකයින් , තම සංචාරවලදී දිනකට වැයකරන මුදල යුරෝපීය සංචාරකයින්ටද වඩා ඉහල මට්ටමක පැවතී ඇත .

ශ්‍රී ලංකා සංචාරණයේ ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම රුසියානු කලාපීය සංචාරක මාධ්‍යවේදීන් කණ්ඩායම පසුගිය නොවැම්බර් 21 දින මෙරටට පැමිණි අතර  ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් සංචාරක ප්‍රකාශනවල මාධ්‍යවේදීන්  , ලේඛකයින් , සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් , සංචාරක   යූ ටියුබ් චැනල හිමිකුවන් ,  නිර්මානශිල්පීන් , එම කණ්ඩායමට ඇතුලත්විය

මෙම  කණ්ඩායමට එක්වුණු සුප්‍රසිද්ධ සංචාරක මාධ්‍ය හා නව මාධ්‍ය කිහිපයක් පහත දැක්වේ .

Vogue- Ukraine :https://vogue.ua/,
Harper’s Bazzar- Russia: https://bazaar.ru/ ,
Total Escape- Ukraine: https://escapemgz.com/
Areoflot Inflight Magazine- Russia https://www.aeroflot.ru/ruen/information/onboard/entertainment

 

යුක්රේනයේ සංචාරක බ්ලොග් රචිකාවියක වන යානා යුසිපාවා ද මෙම කණ්ඩායමට එක්වූ අතර ඇයට දැනට ප්‍රේක්ෂකයින් ලක්ෂ පහකට අධික පිරිසක් සිටී , ඇය මෙම වැඩසටහන ගැන පැවසුවේ මෙවන් අදහසකි .

ශ්‍රී ලංකාව මෙතරම් සුන්දර රටක් බව මම මෙතෙක් දැනගෙන හිටියේ නැහැ , මම මේ සුන්දරත්වයෙන් පිරුණු සංචාරක පාරාදීසය ගැන ඉදිරියේදී ලොවටම කියනවා

Aeoflot In-flight සඟරාවේ සංචාරක අධ්‍යක්ෂක . Maria Alikhanova Golikova මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය වෙත මෙසේ පැවසීය

දැනට රුසියානු කලාපයේ ජනප්‍රිය වී ඇත්තේ ඉතාලිය , බලි දූපත් , තුර්කිය වැනි සංචාරක ගමන්නතයි , නමුත්  මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් හරහා ඉදිරියේදී ශ්‍රී ලංකා ව රුසියාන කලාපයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්තයක් කල හැකියි . විශේෂයෙන්ම දැන් පවතින් ගුවන් සේවා පහසුකම් මත එඅ ඉක්මනින්ම ලඟා කර ගත හැකි ඉලක්කයක් ,

 

යුක්රේනයේ  Ukrainian travel සඟරාවේ සංස්කාරක මරියා කුදිමොවා මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාව සතු ඉතාමත් සුන්දර මුහුදු තීරයන් , ස්වභාව සෞන්දර්යය  ,සමග යුක්රේනයේ ජනප්‍රියතම සංචාරක ගමනාන්තය බවට පත්වීමට ශ්‍රී ලංකාවට  හැකියාව ඇති බවයි

රුසියාවේ La Bibliotheque සංචරක ප්‍රකාෂණයේ මහජන සම්භාන්ධිකාරක නිලධාරිනි යිලියා මාර්කොවිචිනා ( Ms Yulia Markovchina)  පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය පිළිබඳව මෙන්ම මෙරට ඇති පහසුකම් පිලිබඳ රුසියානු කලාපයේ ඉහල පෙලේ සංචාරකයින් තුල නිවැරදි හා සම්පූර්ණ  අවබෝධයක් තවමත් ගොඩනැගී නොමැති බවයි .

කෙසේ වෙතත් මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් ස සමග ඒ පිළිබඳව ඔවුන් දනුවත්වනු ඇති බවත් ඒ හරහා මෙරටට රුසියානු කලාපයේ සංචාරකයින් ගලා එනු ඇති බවත් ඇය අනුමාන කලාය  .

මෙම සංචාරක මාධ්‍යවේදීන් මෙරට කොග්ගල , දික්වෙල්ල  යාල නුවරඑලිය නුවර , හබරණ ,ගාල්ල ආදී ප්‍රදේශ රැසක සංචාරය කල අතර ඒ සියලු සංචාරයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීම ශ්‍රී ලංකා සංචාරණයෙන් සිදුකෙරිණ .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

\

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි