නවතම පුවත්

මෙරට සංචාරක කර්මාන්තයට නොවැම්බරයේ නව පණක්

අසංක

අසංක

කොවිඩ් වසංගතයත් සමඟ බිඳවැටුුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරය නව පනක් මේ වන විට ලැබෙමින් ඇති බව නොවැම්බරයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් 44,294 දෙනාගෙන් පැහැදිලිය.

මෙය මාස 20 කට පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිසය.

ඉකුත් වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 228,434 දෙනෙක්ද පෙබරවාරි මාසයේදී සංචාරකයින් 207,507 දෙනෙක්ද මෙරටට පැමිණෙන විට කොවිඩ් වසංගත තත්ත්වය චීනයෙන් වාර්තා වීමට පටන්ගත් මාර්තු මාසයේදී සංචරකයින්ගේ පැමිණිම අප්‍රේල් මාසයේදී පහළ වැටෙන්නේ 71,370 දෙනෙක් ලෙසිණි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසාදැමීමත් සමග පෙබරවාරි මාසයේ සිට ඉකුත් වසරේ නොවැම්බර් මාසය දක්වා මෙරටට කිසිදු සංචාරකයෙන් පැමිණියේ නැත. දෙසැම්බරයේදී පැමිණි සංචරකයින් ගණන 3933 දෙනෙක් පමණි. ජනවාරි මාසයේදී 1682 ක් දක්වා පැමිණි සංචාරකයින් ගණන ඉහළ යන විට පෙබරවාරි මාසයේදී එය තවත් වර්ධනය වන්නේ 3366 දෙනෙක් ලෙසිණි. මාර්තු මාසයේ 4581 දෙනෙක්ද අප්‍රේල් මාසයේ දී 4168 ක්ද ලෙස මෙරට සංචාරක ව්‍යාපාරය හිස ඔසවන්නට ගැනීමත් සමඟ නැවතත් මැයි මාසයේදී කඩා වැටීමකට ලක්වන්නේ සංචාරකයින්ගේ පැමිණීම 1497 ක් ලෙස පහළ අගයක් ගණිමිනි.

එහෙත් අගෝස්තු වන විට ඒ තත්ත්වය වෙනස් කරමින් සංචරකයින්ගේ පැමිණීම 5000 සීමාව ඉක්මවන්නට හැකියාව ලැබෙන අතර සැත්තැම්බරයේදී එම ගණන 13,547 ක් විය. ඔක්තෝබරයේදී තවදුරටත් මෙරට පැමිණි සංචාරකයින්ගේ ගණන ඉහළ යන අතර එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 22771 දෙනෙකි. නොවැම්බරයේදී තවදුරටත් වර්ධනය වන්නේ දෛනිකව පැමිණෙන සංචාරකයින්ගේ ගණන 5000 සීමාව ඉක්මවා ගැනීමේ සංචාරක මණ්ඩලයේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ හැකියාව පිළිබදව බලාපොරොත්තුවක් ඇති කරවමිනි.

සංචාරක මණ්ඩලයේ දත්තයන්ට අනුව නොවැම්බරයේ පැමිණි සංචාරකයින්ගෙන් සියයට 48.8 ක්ම මෙරටට පැමිණ ඇත්තේ ආසියා සහ පැසිපික් කලාපීය රටවලිනි. ඊට පසුව වැඩියෙන්ම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ යුරෝපයෙනි. එම ගණන සියයට 41.9 කි.

ආසියා සහ ෆැසිපික් කලාපයෙන් සියයට 48.8 ක් මෙරටට සංචාරකයින් පැමිණිබව කීවත් ඒ අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ගණන 14,236 දෙනෙකි. මෙරටට පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ගණණ සියයට 32.11 කි.

එක්සත් රාජධානියෙන්ද මේ කාලය තුළ සංචාරකයින් 3770 දෙනෙක් පැමිණ ඇති අතර රුසියාවෙන් පැමිණ ඇති සංචාරකයින් ගණන 3520 දෙනෙකි.

Arrivals Report November 2021 final 8.12.213789996027

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි