BREAKING NEWSExpress Gossip

Share now!

ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු , ග්‍රන්ථ කර්තෘවරයෙකු , කවියෙකු , තිරකතා රචකයෙකු  මෙන්ම මෙරට ජනප්‍රියතම  චිත්‍ර කථා නිර්මාණකරුවෙකු වන,  ශ්‍රීලාල් නනායක්කාරයන්ගේ  නවතම නවකථාව “පෙම්බරී,මා-රම්බරී” නමින් එළඹෙන 18 දා පස්වරු 3.30ට  කඩවත, දළුපිටිය  “ඇල්ෆා” අධ්‍යාපන ආයතනයේදී දොරට වඩී.

ශ්‍රීලාල් නනායක්කරයන්ගේ, අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම නවකතාව , ඔහුගේ කුළුඳුල් නවකතා ග්‍රන්ථයද වේ.

මෙරට චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ප්‍රථම  , නව කතාවක් ලෙසින්ද පෙම්බරී , මා-රම්බරී කෘතිය සැලකිය හැකි අතර මෙම දොරට වැඩුම් උත්සවය  සඳහා දිවයිනේ පර්වීන හා ජනප්‍රිය කලාකරුවන් සාහිත්‍යධරයන්  රැසක් සහභාගිවීමට නියමිතව ඇත .

May be an illustration of 1 person and text