නවතම පුවත්

චීන පොහොර භාර නොගත්තත් ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න වෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ) 

අහිතකර බැක්ටීරියා අඩංගුවීම හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ චීන පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත එම ගෙවීම් සිදුකිරීමට එම කැබිනට් ත්‍රිකාව ඉදිරිපත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි මහත්වරු විසිනි.

අහිතකර බැක්ටීරියා එම කාබනික පොහොරවල ඇති බව සදහන් වීම හේතුවෙන් එම පොහොර තොගය මෙරටින් භාර නොගත් අතර පොහොර රැගත් නෞකාව දින 70 කට ආසන්න කාලයක් මෙරට මුහුදු තීරයේ යාත්‍රාකරමින් නැංගුරම්ලාමින් තිබුණි. පසුව ඉකුත් 10 වෙනිදා නෞකාව සිංගප්පූරුව බලා යාත්‍රාකරනු ලැබීය.

පොහොර තොගය භාර නොගැනීම හේතුවෙන් චීන සමාගම ඩොලර් මිලියන 08 ක වන්දියක් මෙරටින් ඉල්ලා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්