නවතම පුවත්

අවුරුදු 87කට පසු අදටත් කෝටි ගණන් සල්ලි මවන බ්‍රැඩ්මන්ගේ සුපිරි පිත්ත

අසංක

අසංක

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින්, 1934 වසරේ අළු බඳුන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පිතිහහරඹ කළ ඉතිහාසගත පිත්ත දැන් ලොව මිල අධිකම ක්‍රිකට් පිත්ත බවට පත්ව තිබේ.

ඒ ඔන්ලයින් ක්‍රමයට පැවති වෙන්දේසියකදී එය ඩොලර් 245,500කට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5කට අධික මුදලකට වෙන්දේසි වීමත් සමඟය.

මෙම ක්‍රිකට් පිත්තේ ඇති විශේෂත්වයක් වන්නේ එහි පසුපස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් එහි අත්සනක් තබමින් ‘මෙය මම ලීඩ්ස්හිදී ලකුණු 304 ක් සහ එංගලන්තයට එරෙහිව ඕවල්හිදී ලකුණු 244 ක් ලබා ගත් පිත්තයි, 1934’ යනුවෙන් සටහනක් තබා තිබීමය.

එහි සඳහන් වන්නේ ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන හෙඩිංලි හිදී ලබාගත් ලකුණු 304 සහ ඕවල් ක්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 244 පිලිබඳවය.

ශ්‍රීමත් බ්‍රැඩ්මන් එහිදී ත්‍රිත්ව ශතක දෙකක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු බිල් පොන්ස්ෆෝර්ඩ් සමඟින් ලකුණු 451ක වැඩිම ටෙස්ට් සබඳතාවයේදී ලකුණු රැස් කළේ එම පිත්ත භාවිත කරමිනි.

විමතිය දනවන කරුණ වන්නේ, නම් නොකළ ගැණුම්කරුවෙකුට එය පුද්ගලිකව විකුණා තිබියදීත්, එම පිත්ත දැන් ජාත්‍යන්තර ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම් (ICHF) ලෙස හඳුන්වන ස්ථානයේ තබා තිබීම ය.

1999 වසරේ සිට පුද්ගලික හිමිකරුවෙකුගෙන් ණයට ගත් මෙම පිත්ත නිව් සවුත්වේල්සස් සදර්න් හයිලන්ඩ්ස්හි බොව්රල්හි බ්‍රැඩ්මන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

ටෙස්ට් තරග 52 කදී ලකුණු 6996 ක් ලබාගෙන ඇති බ්‍රැඩ්මන්, 99.94 ක විශ්මයජනක සාමාන්‍යයක් සහිතව, මෙම පිත්තෙන් තරඟාවලියේ ඔහුගේ ඉහළම ලකුණු සටහන් කර තිබේ. කෞතුකාගාර විධායක අධ්‍යක්ෂිකා රීනා හෝර් මෙවැන්නක් පවසා තිබුණි.

“ඇත්තටම සර් ඩොනල්ඩ් මේ පිත්තෙන් තමයි ඒ ලකුණු ගැහුවේ කියලා එයාගේම අත් අකුරින් ලියලා තියෙනවා.

‘මම හිතන්නේ ඒක නිධානයක්.’

විදෙස් වාර්තාවලට අනුව මෙම පිත්තට නියමිත මිලක් නොමැත. බ්‍රැඩ්මන්ගේ තවත් පිත්තක් 2018 දී ඕස්ට්‍රේලියානු ඩොලර් 110,000 කට අලෙවි විය.

හෙඩින්ග්ලිහිදී ලබාගත් ලකුණු 304 බ්‍රැඩ්මන්ගේ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව විය. පොන්ස්ෆෝර්ඩ් (266) සමඟින් වාර්තාගත දෙවැනි කඩුල්ලට ලකුණු 451ක සබඳතාවයක් ගොඩනැගූ අතරවාරයේදී ඔස්ට්‍රේලියාව එම පිත්තෙන් ලකුණු 244ක් රැස් කළේය.

එම වාර්තාව පසුව බිඳ දැමුවේ 1997-98 දී ඉන්දියාවට එරෙහිව ලකුණු 576ක් රැස් කළ ශ්‍රී ලංකා යුගලය වන සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම විසිනි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?