නවතම පුවත්

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2ක් ශ්‍රී ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය සියයට 100 ක් සාර්ථක වූ බවත්, ඒ අනුව ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් (credit line) ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත් අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (15) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නුදුරේ දීම මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු ප්‍රකාශ කරනු ඇති බවයි.

මුදල් ඇමතිතුමා මීට සති දෙකකට කලින් ඉන්දියාවේ හිටියේ. ඒ සාකච්ඡාවේ දී අපි හැමෝම දන්නවා, සාකච්ඡා කරපු වැදගත් දෙයක් තමයි credit line එක. ඒ වගේම අපි ඒක චීනය එක්කත් කතා කරනවා. ඒ වගේම ලෝක බැංකුව මිලියන 500 ක් ලබන අවුරුද්දේ ව්‍යාපෘති කටයුතු සඳහා ලබාදෙන්න පොරොන්දු වුණා. ඒ හැමෝම එක්කම අපි වැඩ කරනවා.

චීනය හා ඉන්දියාව සමඟ පැවැත්වූ සාකච්ඡා සියයට 100 ක්ම සාර්ථකයි. බිලියන 2 ක credit line එකක් පොරොන්දු වෙලා තියෙනවා ඉන්දියාව, මම මේ ඉතාම වගකීමෙන් කියන්නේ. චීනය මීට කලින් පොරොන්දු වුණු credit line එකක් තියෙනවා. ඒ credit line දෙකම දෙන්නේ ලබන අවුරුද්දේ. ඒ විතරක් නෙමෙයි ඒ credit line දෙක අපි ගන්නේ සාක්කුවේ දාගෙන ගිහිල්ලා ලබන අවුරුද්දේ ඉඳන් මියුසිකල් ෂෝ ගහන්න නෙමෙයි. තව වැඩසටහන් ගොඩකට.

එතකොට ඒ සාකච්ඡා කරගත්ත වැඩවලට තමයි අපි credit line එක ගන්නේ. ඒක බැසිල් ඇමතිතුමා මුදල් ඇමතිතුමා විදියට ඉන්දියාවට ගිහිල්ලා එද්දී තව ප්ලේන් එකක ඩොලර් බිලියන 2 දාගෙන එන්න බැහැ. ඒ දෙකම සාර්ථකයි.

ගොඩාක් වෙලාවට මහ බැංකු අධිපතිතුමා, මම මේකට එන්න කලින් එතුමාට කතා කළාම එතුමා කිව්වේ බොහෝ වෙලාවට, නත්තලට කලින් හෝ නත්තල ඉවර වෙච්ච ගමන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා කියලා, මහ බැංකුවේ ඉන්න නිලධාරීන්, ඒ අවශ්‍ය කෙරෙන ලිපිලේඛන සකස් කරලා දුන්නාට පස්සේ, කොහොමද ලබන අවුරුද්දේ ක්‍රෙඩිට් එක හදාගෙන යන්නේ කියලා.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමක් සිදුනොකරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඉතා පැහැදිලිවම කියන්න ඕනෑ, මේ ආණ්ඩුව කිසිම තැනක කිසිම හේතුවක් මත ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විදියට IMF එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ලෝක බැංකුව එක්ක ගනුදෙනු කරන එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු වෙනත් ද්විපාර්ශවික හා බහුපාර්ශවික සංවිධාන සමඟ ගනුදෙනු කිරීම හෝ ඔවුන්ට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ.

ඒවගේම අපි ඇමරිකාවට විතරයි වැඩ කරන්නේ හෝ චීනයට විතරයි වැඩ කරන්නේ හෝ ඉන්දියාවෙන් විතරයි උදව් ගන්නේ හෝ කියලා ප්‍රතිපත්තියකත් නැහැ. මම ඉතා ස්ථිරසාර ලෙස අපේ දේශපාලන කඳවුර නියෝජනය කරමින් ඔබට කියන්නට කැමතියි.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි