නවතම පුවත්

අද රටක දේශපාලන බලය තීරණය කරන සාධකය වෙන්නෙ පාරිභෝජනවාදයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 

වර්තමානයේ ක්‍රියාත්මක නව ලිබරල් ආර්ථික දර්ශනය තුළ වෙළදපොළ ක්‍රමය තුළින් තමයි සියලු ආර්ථික ප්‍රශ්න සදහා අපි විසදුම් සොයන්නේ. මෙම තත්ත්වය තුළ රජයන් ගෙ සාර්ථකත්වය මනින සාධක වන්නේ ආර්ථික සංවර්ධනය , ඒක පුද්ගල ආදායම වැනි දර්ශක. රටක ආර්ථික සංවර්ධනය යනු එ රටේ සමස්ත භාණ්ඩ හා සේවා නිශ්පන්දයේ ඉහළ යාම. එ තුළ නව රැකියා අවස්ථා බිහිවීම, රටවැසියන් ගෙ ආදායම් ඉහළ යාම වැනි දේ අප බලාපොරොත්තු වෙනවා.  සමස්තයක් ලෙස ගෙන ලෝකය දෙස පුළුල්ව බැලූ කළ එසේ නිශ්පාදනය කරන දේ මිලදී ගැනීමට පාරිභෝගිකයන් සිටිය යුතුය. අමෙරිකාව apple නිශ්පාදන වැඩි වැඩියෙන් නිශ්පාදනය කරන විට එම රටේ ආර්ථික වර්ධනයට එය ඍජුවම බලපාන සාධකයක්.  එසේ නිශ්පාදනය කරන දේ තුලින් ආර්ථික සංවර්ධනය ඇති වීමට එම භාණ්ඩ කවුරුන් හෝ මිලදී ගත යුතු වෙනවා. එ අනුව තම භූමියෙන් පිටත් මේ නිශ්පාදනය අලෙවි කරන්න ඕන. මෙලෙස රට රටරටවල් තමන්ට ඇති තරගකාරී වාසි (competitive advantage) මත වැඩි වැඩියෙන් භාණ්ඩ හා සේවා නිශ්පාදනය කරනවා. එ අනුව යමින් නව වෙළදපොළ ආක්‍රමණය කරන්න ට උත්සාහ දරනවා.

 

මෙසේ වැඩි වැඩියෙන් නිශ්පාදනය කිරීම දිගටම පවත්වා ගැනීමට වැඩි වැඩියෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දු කරනවා. මෙය චක්‍රයක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යවසායකයන්, කලමනාකරුවන්, ශ්‍රමිකයන්, වෘත්තිකයන් ආදී මෙකී නොකී කාර්යයන් ඔස්සේ පුරවැසියා මෙලෙස වැඩි වැඩියෙන් නිශ්පාදනය කිරීමට දායක වෙනවා. එසේ කිරීමට ඔවුන්ට ඇති පෙළැඹවීම වන්නේ වෙළදපොළ තුළ ඇති ප්‍රවර්ධන ක්‍රම ඔස්සේ තනි තනිව ඔවුන්ට ඇති කරන පරිභෝජන අවශ්‍යතා සදහා අවශ්‍ය ආදායම වැඩි කර ගැනීමට ඇති උනන්දුව. වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමට වැඩි වැඩියෙන් ආදායම් අවශ්‍ය වෙනවා. මිනිසුන්ගේ ඇති පාරිභෝජන මානසිකත්වය වැඩි වන තරමට නිශ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පසුබිම ස්ථාවර වෙනවා. පෙරදා ට වඩා වැඩි වැඩියෙන් ව්‍යාප්ත වන බැංකු හා මූල්‍ය සේවා තුළින් මෙය තව තවත් ශක්තිමත් වෙනවා. අද ඔබට මිලදී ගැනීමට මුදල් නැතත් ණය පහසුකම් යටතේ ඔබට අදම එය පරිභෝජනය කිරීමට හැකියාව ලැබෙනවා. (උදාහරණයක් ලෙස Credit cards)

 

මේ පරිභෝජන මානසිකත්වය වැඩි කරන්නේ කොහොමද? විවිධ ප්‍රවර්ධන උපක්‍රම ඔස්සේ මිනිසා තුළ ඇති එකෙක් පරයා තම පෞර්ෂත්වය ඉස්මතු කිරීමට ඇති ආශාවන්, පෞර්ෂත්ව හීන මානයන් ඉතා සූක්ෂම ලෙස උපයෝගී කරගෙන මිනිසාගෙ පරිභෝජන මානසිකත්වය වැඩි දියුණු කරනවා. උදාහරණයක් ලෙස අල්ලපු ගෙදර මනුස්සයා අලුත්ම ස්මාර්ට් TV එකක්‌ රුපියල් ලක්ෂයකට ගෙන ආ විට එයට දෙවෙනි නොවී මාසිකව පඩිය රුපියල් 50,000.00 ක මිනිසා ද ගෙවීමෙ ක්‍රමය ට ස්මාර්ට් TV එකක් ගන්නවා. එ වගේම ඔබට ගමනක් යන්න අවශ්‍ය වන්නේ වාහනයක් උනත් ඔබට එ සදහා Benz එකක් ඕනෙ කියල හිතෙනව නම් එ ඔබ මෙම පරිභෝජන වාදයේ ගොදුරක් බවට පත් වෙලා කියන එක ලක්ෂණයක්. Benz එක ඕනෙ කරන්නෙ ගමනක් යනවාට වඩා ඔබේ පරිභෝජන කුලය පෙන්නන්න. (මෙය හොඳද නරකද කියලා පෙන්නන්න නොව උවමනාව, නමුත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පෙන්වීම).

 

මෙලෙස වර්තමාන ගෝලීය ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාමට පරිභෝජනවාදය (Consumerism) අත්‍යාවශ්‍යම සාධකයක්. 1977 න් පසුව එය ලංකාව තුළ ඇති වූ ආර්ථික දේශපාලන සංස්කෘතිය පරිවර්තනය ට ප්‍රබලව බලපෑවා. සාම්ප්‍රදායික කුල ක්‍රමය බිඳ වැටී පරිභෝජන ශක්තිය මත තම කුලය මනින සාමාජ ක්‍රමයක් ඇති උනා. උදාහරණයක් ලෙස පොදු ස්ථානයකට ගිය විට ඔබ ඇදගෙන එන ඇදුම, බහින වාහනය මත ඔබට සමාජයෙන් ලැබෙන සැලකිල්ල ගෞරවය තිරණය වෙනවා. ඔබට එවැනි ආකාරය ට සැලකිලි ලබා ගැනීමට තරම් ආර්ථික හැකියාවක් නැතිනම් ඔබ මේ දිහා වෛරයෙන් බලන්න පුළුවන්. නමුත් උදාහරණයක් ලෙස බලන්න shangri-la වගේ තැනකට සල්ලි ඇති (පරිභෝජන හැකියාව ඇති) කෙනාට අවශ්‍ය විශේෂිත සැලකිල්ල, ගෞරවය, ලැබීම වෙනුවෙන් ඔහු ඉහළ මිලක් ගෙවනවා. ඔහු මුදල් ඉපයූ ආකාරය එතැනදී අදාළ වෙන්නේ නැහැ. පාරේ හිඟා කෑමෙන් මුදල් ඉතිරි කරගත් අයෙක් Business Class ticket එකක් අරන් ආවොත් ඔහුට සර් කියලා ආමන්ත්‍රණය කර සියලු සැලකිලි ලබාදීමට Flight steward කටයූතු කරනව. මන්දයත් ඔහු ගුවන් සමාගම පැත්තෙන් පරිභෝජනය වෙනුවෙන් ඉහළ මිලක් ගෙවීමට සුදානම් පුද්ගලයෙක්. එ තුළ අර shangri-la හි   හෝ ගුවන් සමාගමේ වැඩ කරන සාමාන්‍ය පංතිය නියෝජනය කරන සේවක ජනතාව ට වැටුප් ලෙස ආදායම් සංක්‍රමණය වීමක් වෙන්නේ. කෙනෙකුගෙ අති සුඛෝපභෝගී වියදම් රටාව තවත් කෙනෙකුගෙ මූලික ආදායම වෙනවා.. එ මේ ක්‍රමය තුළ ඇති විශේෂිත ලක්ෂණයක් සුඛෝපභෝගී අවශ්‍යතා ඉහළ යාම. පෙර පැවැති ගෞරවාන්විත වෘත්තීන්, ඉහළ කුල වලට, පවුල් වලට  ඇති සැලකිලි දැන් වියදම් කිරිමේ හැකියාව ඇති පාරිභෝගික පංතීන් වෙත සංක්‍රමණය වෙලා. අතීතයේ දී ඉහළ කුල වල මිනිසුන් සුඛෝපභෝගී ජීවිත ගෙවනවා දැක කුල හීනයන් ඔවුන්ට ඊර්ෂ්‍යා කලා, එම පංතීන් ට විරුද්ධ ව කැරලි ගැහුවා. තව සමහරු ඔවුන් දේවත්වයෙන් සැලකුවා. වර්තමානයේ ඇත්තෙත් පරිභෝජන ශක්තිය මත සුඛෝපභෝගී ජීවිත ගෙවන අය දිහා බලාගෙන මානසික ආතතියෙන් පෙළෙන පරිභෝජන ශක්තිය හීන කුල විසින් කරන අරගලයක්. නැත්නම් ඔවුන් පස්සේ වැඳ නමස්කාර කරන පිරිසක්. මෙලෙස ආතතිය වැඩිම කුලය මධ්‍යම පාන්තික ජනතාව.

ඊළඟ කාරණය මෙම ක්‍රමය තුළ ඔබට ඇති කරන මානසික පීඩනය. නිරන්තරයෙන් ඔබ අතෘප්තිමත්. ඔබ apple iPhone 10 එකක් අරන් සතුටු වෙන්න පුළුවන් ටික දවසයි. ඊළඟ එක release උනාම ඔබ සමාජයේ පොරක් නෙමේ, එහෙමත් නැත්නම් ඔබේ සමාජ තත්ත්වය එලෙසම පවතින්නේ නැ. Coronavirus තත්ත්වය තුළදී උනත් මිනිසුන් lock down වලට විරැද්ධව උද්ඝෝෂණ කිරීමට පෙළඹුණේ මරණය ඉදිරියේ වුවත් පරිභෝජනය තම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් නිසා.

පරිභෝජනවාදය තුළින් තමයි ආර්ථික සංවර්ධන වේගය පවත්වාගෙන යන්න ඕන කරන පසුබිම සැකසෙන්නේ. අපි හැමෝම හිතනවා ආර්ථික සංවර්ධන ඇති උනාම අපිට සතුට සැනසුම ලැබෙනවා කියලා. ප්‍රශ්නය ඔබ apple iPhone 10 එකෙන් සෑහීමකට පත් වෙනවා ද කියන එක. පරිභෝජනවාදයෙන් ඔබ මිදෙන්නේ නැති තාක් ඔබ නිරතුරුවම අතෘප්තිමත්, මානසික ආතතියක් සහිතව ජීවත් වන ජීවියෙක්. දේශපාලන පක්ෂ, පන්සල්, දේවාල, කෝවිල් පස්සේ ගියත් ඔබට එම පිඩනයෙන් මිදෙන්න බැහැ.. එය තාවකාලික විසදුමක් පමණයි.

 

තම පරිභෝජන මානසිකත්වය යම් පමණකින් හෝ තෘප්තිමත් කරගැනීමට මේ ක්‍රමය තුළ ප්‍රාග්ධනය වර්ග තුනක් තියෙනවා. 1. ඔබ සතුව ඇති දේපළ, මිල මුදල් ධනය ආදිය. 2. ඔබ සතුව ඇති වෘත්තීය නිපුණතාවය (වෛද්‍ය, ඉංජිනේරු වැනි) 3. ඔබ සමාජයේ බලය ධනය සහිත පුද්ගලයන් සමග ඇති සබදතා. එ නිසා තමයි දරුවන්ට හොඳ ජනප්‍රිය පාසල් පස්සේ දෙමව්පියන් දුවන්නේ, දේශපාලකයන්, නිලධාරීන් සමඟ සබදතා ඇති කරගැනීමට උත්සාහ කරන්නේ, අධ්‍යාපනය ඔස්සේ ගොස් සමාජයට බලපෑම් කල හැකි වෘත්තීකයන් වීමට උත්සාහ දරන්නේ ත‍් සහ බහුතර යට එවැනි අවස්ථා ලබා දෙනවට විරුද්ධ වෙන්නෙත්.

 

මෙය හුදු පොදුවේ තෘප්තිමත් වන දෙයක් නොවේ. මන්ද යත් සියලු දෙනාටම එක හා සමාන සම්පත් පරිභෝජනය සදහා ලැබීමෙන් මෙය විසදන්න පුළුවන් කමක් නහැ. උදා : සැමට නිවසක් දුන්නත් පරිභෝජන වාදය නිසා ඔවුන් කාලයක් යන විට අතෘප්තිමත් වෙනවා. මක් නිසාද යත් එම පිළිතුර තුළ පරිභෝජනය මත ලබා ගත හැකි උසස් සමාජ කුලය නොලැබෙන නිසා. නැත්නම් කැපී පෙනීම නොලැබෙන නිසා. Suzuki alto එකක් අරන් modify කරන්නේ අන්න එ කැපී පෙනීම ගන්න. ලෝකෙට customized නිශ්පාදන හා සේවා එන්නේ ඔන්න ඔය පාරිභෝගික මානසිකත්වය නිසා. මිනිස්සු ප්‍රශ්නය දරුණු  වෙලා තම පැවැත්ම තර්ජනයට ලක් වූ වෙලාවට සාමූහික පිළිතුරු හෙව්වාට යටි අරමුණ  මෙන්න මේ පරිභෝජන තරඟයට සාර්ථකව මුහුණ දීම.

 

රටක දේශපාලනය තිරණය කරන සාධකය වෙන්නෙත් මේ පරිභෝජනවාදය තමයි. අද ඉන්න පුරවැසියා ගෝලීය පුරවැසියෙක්. ඔහු පරිභෝජනය කරන්නේ ගෝලීය නිශ්පාදන හා සේවා. ගෝලීය නිශ්පාදනය වැඩි වෙන්කොට එතුළින් ඇති කරන පරිභෝජන අවශ්‍යතාව ට විසදුම් දෙන්න පුළුවන් නම් පමනයි ඕනෙම දේශපාලන පක්ෂයක් ලබාගත් බලය රැක ගන්න පුළුවන්. හැබැයි ඔක්කොම පක්ෂ පරිභෝජන මානසිකත්වය හොඳින් market කරලා බලය ගන්න දක්ෂයන්. විකල්ප ලෙස පෙනී සිටින බලවේග උනත් promote කරන්නේ මේ කියන පරිභෝජනවාදය. තරුණයන්ට හොඳ අනාගතයක් කියලා ප්‍රකාශ කරන විට ඒ මගින් මිනිසුන් තුළ ඇති වන බලාපොරොත්තුව වන්නේ තම තමන්ගේ භෞතික පරිභෝජනය ඉහළ මට්ටමක පවතී කියන අදහස.

මේ අනුව පසුගිය අවුරුදු කිහිපය තුල ඇති වූ සහ ඉදිරියේ ඇතිවන සිද්ධි වලට වඩා  ඡන්ද ආසන්නයේ පරිභෝජනවාදය කෙරෙහි ඇති වන බලපෑම (අභ්‍යන්තර හා බාහිර සාධක මත) රටේ දේශපාලන අනාගතය තිරණය වෙයි.

 

සටහන පුලස්ති වීරසිංහ

Retired Wing Commander

(MBA,, MSc Def & Strategic Studies, B Com, psc, AMCIPM)

විශ්‍රාමික ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් නියමුවන් රහිත නිරීක්ෂණ ගුවන් යානා අභ්‍යන්තර නියමු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වාණිජවේදී උපාධිය ලබා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ ක්‍රමෝපාය  අධ්‍යයන පශ්චාත් උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය සහ කලමනාකරන පීඨයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, බණ්ඩාරනායක අන්තර්ජාතික දූත මණ්ඩල පුහුණු ආයතනයෙන් අන්තර් ජාතික සබදතා සහ ලෝක ක්‍රියාකාරකම් පිළිබ ඩිප්ලෝමා සහතිලත් ශ්‍රී ලංකා වරලත් පිරිස් කලමනාකරනය ආයතනයේ සාමාජික, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්‌ඩලික.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි