නවතම පුවත්

වරාය නගරයේ ඉදිකිරීම්, චීන විදෙස් ඇමතිගේ අතින් විවෘතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (09) විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

මේ වනවිට දිවයිනට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදුකෙරේ

මීට සමගාමීව චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සිදු කිරීමටද නියමිතය.

ඒ අනුව එම කොටස හෙට (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනු ඇත.

ඒ උදෑසන 9 සිට පස්වරු 6 දක්වාය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද (09) ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට ද සැලසුම් කර ඇති අතර , චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මෙහිදී සිදු කිරිමට නියමිතය.

ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වේ.

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ  (08) රාත්‍රීයේ මෙරටට පැමිණ තිබේ.

එතුමා සමග දූත පිරිස ලෙස 18 දෙනෙකු පැමිණ ඇත.

ඔවුන් චීනයේ බෙයිජිං නුවර සිට චීනයට අයත් බී.- 8415 දරණ විශේෂ ගුවන් යානයෙන් රාත්‍රී 08.20 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත

මෙම පිරිස පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත ක්‍රීඩා සහ යෞවන කටයුතු , ඩිජිටල්කරණය අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍යය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන් පැමිණ තිබේ.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්