නවතම පුවත්

ඔස්ට්‍රේලියාව ,කොවිඩ් ආසාධිත හෙද හෙදියන් සේවයට කැඳවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතය ඉහළයාම හේතුවෙන් ඇමෙරිකාව , ඔස්ට්‍රේලියාව , ප්‍රංශය ඇතුළු ලොව ධනවත් රටවල් රැසකම  කාර්යමණ්ඩල හිඟය, හදිසි සේවා සඳහා සේවක හිඟය උත්සන්න වී ඇති බව වාර්තාවේ .

මේ අනුව මේ දිනවල කොවිඩ් ආසාධිතව සිටින හෙද හෙදියන් විශාල පිරිසක් , ඕස්ට්‍රේලියාවේ රෝහල්වල සේවයට කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදේ .

කොවිඩ් ආසාධනය නොවුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමටද මෙම කොවිඩ් ආසාධිත හෙද හෙදියන් යොදවා ඇති බවටද වාර්තාවේ .

මේ තත්වය කොවිඩ් ආසාධිත නොවුණු එම රෝගීන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් බව එම මාධ්‍ය වාර්තා පවසයි .

තමන් මෙසේ රෝහල්වල සේවය කරන්නේ කැමැත්තකින් නොවන බවත් , තම රෝගී තත්වය  ,රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් බවද , මෙසේ සේවයට කැඳවා ඇති කොවිඩ් ආසාධිත හෙදියක් ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල පුවත් සේවයකට ප්‍රකාශ කර ඇත

නිව්යෝර්ක් ටයිම්ස් හි වාර්තාවකට අනුව, ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේද   පරිපාලන ව්‍යුහය දුර්වලවීමට පටන් ගෙන ඇති බවද පෙන්වා දී ඇත.

පොලීසිය, ගිනි නිවන හමුදාව, බස් රථ රියදුරන් සහ සෙසු පොදු සේවාවන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින බවද වාර්තා වී තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 21ක් වාර්තා වෙයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 467,145ක් ඊයේ අමෙරිකාවෙන් සොයාගෙන තිබූ අතර ඒ සමගම ප්‍රංශයෙන් 303,669ක්, ඉතාලියේ 197,552ක්, ඉන්දියාවේ 147,814ක් සහ ආර්ජන්ටිනාවෙන් 101,689ක් සොයාගෙන තිබුණි.

ගතවූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 4,770 දෙනෙකු මියගොස් තිබේ.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී