විශේෂාංග

Share now!

May be an image of one or more people and text

අද උදේම ඉහත  ඔරිජිනල් පෝස්ට් එක දුටුවිට මට මතක් වුනේ විශ්ව විද්‍යාලෙ නවක වදය සමයය… ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් ගේ අණින් මහින්දාගමනය සහා වර්ෂාපතනය ගැන පැවැත්වූ කතාවත් සිහිකරගෙන මෙහෙම පෝස්ට් එකකින් වැඩක් ගන්නම ඕනෙ නිසා එය මාගේ පුද්ගලික ෆේස් බුක් ගිණුමේ පහත කැප්ශන් එකත් සමඟ පළකර, ඔරිජිනල් පෝස්ට් එකටත්, එය පෝස්ට් කර තිබූ තවත් ප්‍රොෆයිල් එකකටත් ගොස් එම කැප්ශන් එකම කොමෙන්ටුවක් ලෙස පළකරන ලදී.

 

May be an image of text

 

ඉන්පසු එයින් ටිපර් වෙන මිතුරන්ව තව තවත් ටිපර් කර ඔවුන්ගේ ඇත්ත අදහස් දැනගැනීමට තැත් කළෙමි. මාගෙ එම සරල social experiment එකේ ප්‍රතිඵල අනුව ටිපර් වීමේ කාරණා කිහිපයකි:

1. බිට් කොයින් එක බිස්නස් එකක් බවත්, එහි වාසිය එය රන් කරන අයට බවත් පැවසීම.
2. පාසල් විෂය නිර්දේශයේ ඉතිහාසය ඉගැන්වීම මා අනුමත කරන බව ඇඟවීම.
3. පණ්ඩුකාභය යන චරිතයට වටිනාකමක් දී ඒ ගැන දැන සිටීම වැදගත් බව පැවසීම
4. පණ්ඩුකාභයව උසස්කර බිට්කොයින් පහත් කිරීම
5. මහින්දාගමනය සහා වර්ෂාපතනය වැනි උදාහරණයක් ගෙන හැර දක්වා මේ පවසන්නෙ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස්විය යුතුය යන කාරණය ගැන මාගේ අවධානය යොමු නොවීම.

මෙම ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී මට පෙනෙනා කාරණා කිහිපයකි. (ඔබටද මේවා විශ්ලේෂණය කර බැලිය හැකි අතර වෙනස් නිගමනවලට එළඹී නම් ඒ ගැන මාවද කොමෙන්ටුවක් මගින් දැනුවත් කළ හැක🙂)

1. ක්‍රියිප්ටො කරන්සි ගැන (උඩ දාගෙන) කතාකරන අය බහුතරයකට ඇත්තටම ඒ ගැන පුළුල් අවබෝධයක් නැත. 🙊

2. History repeats itself කියා බටහිරින්ම ආ කියමනට අනුව ඉතිහාසයෙන් උගත හැකි පාඩම් බොහෝ බව දැනගැනීමට තරම්වත් බහුතරය ඉතිහාසය විමසා බලා නැත… විභාගයක් පාස් වීමේ අරමුණින් කරුණු කටපාඩම් කර පමණි. ඉතිම් ජීවිතේට පන්නරයක් ලබාගැනීමට තිබූ අවස්තාවක් මිස් කරගෙන මදිවාට බටහිර ජාතීන් ඔවුන්ගේ මානව විරෝධී ඉතිහාසය අමතක කිරීමට “ඉතිහාසය වැඩක් නෑ” කියා පතුරන ගැටේ හිස්මුදුනින් පිළිගෙනය… ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත්තේ නම් අප ලක්වූ විදේශීය ආක්‍රමණ දෙස බලා අප රට ආර්ථිකමය ලෙස කොතරම් වැදගත් පිහිටීමක තිබේදැයි අවබෝධ කරගැනීම කෙසේ වෙතත් බලතණ්හාව තමන්ගෙ පියා/සහෝදරයා/ඥාති පුත්‍රයා මරා දැමීමට, තරම්ම මිනිස්සුන්ව අමනුස්සයන් කරන බවවත් ඉගෙනීමට තිබුණි. අඩුම, පිටරටින් එන සුදු පැහැති කුමාරයෙකුට රැවටී තම රැහට ද්‍රෝහිවූ විට ආතක් පාතක් නැතිවන බවවත් ඉගෙනගන්න තිබුණි. ප්‍රබන්ධ වූවා, නොවූවා, ඉතිහාසයෙන් උගත හැකි පාඩම් බොහෝ ය. 🙃

3. පණ්ඩුකාභය යන චරිතය තමන්ගෙ දෛවය වෙනස් කරගෙන රටක් නගා සිටුවන තරුණයෙකුගේ කතාන්දරයකි. ඉතින් ඒ චරිතය ගැන නැතුව බිට් කොයින් ගැන බුකියේ උදම් අනමින්, පිරමීඩ ස්කීම්වලට අහුවෙමින්, ජර්මනියේ නිපදවන කාර් ගැන සිහින මවමින්, පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය දෙන රට තමුන් සඳහා මුකුත්ම නොකරන බවට ආඩපාලි කියමින් උදේ හවහා වැළලෙන තරුණයෙක් ගැන ඉස්කෝලවල උගන්නන්නද? 🤷

4. පණ්ඩුකාභය ලෝකල් ය… බිට් කොයින් බ්‍රෑන්ඩඩ් ය. දෙකෙන් වඩාත් හොඳ කුමක් දැයි මා වැනි මෝඩයින්ට හැර අන් සෑම බුද්ධිමතෙකුටම පැහැදිළි ය. 😜

5. ඇත්තටම එකක් නම් සහසුද්දෙන් පැහැදිළි ය. අප රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමය. බටහිරින් මද හුළඟක් හමා ආවත් රැළ්ලට ගසාගෙන නොයන, එංගලන්තෙ රජපවුලටවත් නැති වාහනයක් මිලදීගැනීමට නොහැකි නිසා පට්ට දුකින් නොසිටින, පිටරටකට ගොස් පෙට්‍රල් ෂෙඩ් එකක වැඩකර එම කාර් එක ගත හැකි බවට කවුරුන් හෝ බුකියේ කිවූ විට රෙදි කපා, මසා ඇඳ නොගන්නා, තමන්ගෙ සහා රටේ දියුණුව තමන් අතම බව අවබෝධ කරගත්, බුද්ධිමත්, දක්ෂ, කාර්‍ය ශූර පරම්පරාවක් ගොඩනැගී රටත් ගොඩනැගෙන්න නම් අප අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමය… ❤🙏

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය ,

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය.

මනුජා පෙරේරා