නවතම පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශකයක් ගණනය වෙනස් වෙයි

අසංක

අසංක

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය අද සිට අලුත් ක්‍රමවේදයකට සිදුවන බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.

ඒ අනුව මෙහිදී අරමුණ වන්නේ එම ගණනය කිරීම සඳහා වන බර තැබීමේ ක්‍රමය වෙනස් කිරීම බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මෙතෙක් කලක් එය සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් (full market capitalisation-weighting) ගණනය කිරීමක් සිදු විය.

අද දිනයේ සිට එය චලිත වෙළෙඳ පොළ ප්‍රාග්ධනයක් අනුව බර තබමින් (public float-adjusted market capitalization) ගණනය සිදු කිරීම සැලසුම වී තිබේ.

මේ අතරින් සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය මත බර තබමින් ගණනය කිරීමේ අවස්ථාවේදී වැඩි ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත වැඩි බරක්ද, අඩු ප්‍රාග්ධනයක් සහිත සමාගමක් වෙත අඩු බරක්ද තබමින් මෙම ගණනය කිරීම සිදු විය.

එහෙත් මෙම නව ක්‍රමවේදය හරහා සමාගමක ප්‍රාග්ධනය යම් කිසි ආකාරයකට හැසිරවීමක් සිදු කරමින් මෙම සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරිම සිදු කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි