නවතම පුවත්

බාගෙට පාවිච්චි කරපු ගෑස් සිලින්ඩර නැවත භාරදෙන්නේ මෙහෙමයි ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අර්ධ වශයෙන් භාවිත කරන ලද දෝෂ සහිත සහ සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු භාරදීමට කැමති පාරිභෝගිකයින් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව එලෙස භාරදෙනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩු කළයුතු බවට අදාළ ගෑස් සමාගම් වෙත උපදෙස් දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

එම කටයුතුවලදී ගෑස් බෙදාහරින්නන් සහ නියෝජිතයින් ගෑස් සිලින්ඩර ආපසු භාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස එම අධිකාරිය මහජනතාවට වැඩිදුරටත් දැනුම්දෙයි.

එම දුරකථන අංකද සහිත සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්