නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තර සහතිකයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින්, 2022 පෙබරවාරි 2 වන දින යුරෝපීය කොමිසම විසින් “ශ්‍රී ලංකා කුරුඳු” සඳහා ප්‍රථම වරට භූගෝලීය දර්ශක (GI) සහතිකය ප්‍රදානය කර ඇත.

මෙය දශකයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් රැසකගේ සහය සහ පාර්ශවකරුවන්ගේ දැඩි උත්සාහයෙන් පසුව ශ්‍රී ලංකාවේ කුළුබඩු එකම සන්නාමකරණයක් යටතේ ලෝක වෙළදපොලට හදුන්වාදීමට ගෙන ගිය වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයකි.

මෙම තත්වය ලබා ගැන්ම සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) විසින් තාක්ෂණික සහාය ලබා දුන් අතර මූල්‍ය ආධාර නෙදර්ලන්තය පදනම් කරගත් වෙළඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදල විසින් ප්‍රදානය කරන ලදී. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් වන විදේශ කටයුතු අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, ශ්‍රී ලංකා යුරෝපීය සංගම් නියෝජිත, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය යන පාර්ශ්ව සියල්ල ඒකාබද්ධව කටයුතු කරන ලදී.

GI තත්ත්වය ලියාපදිංචියේ අරමුණ වන්නේ (EU) යුරෝපා වෙළඳපොලේ ඇති ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) අනෙකුත් අඩු ගුණාත්මක කුරුඳුවලින් වෙන්කර හඳුනා ගැනීමයි. මෙය ශ්‍රි ලංකාවට තරගකාරී සහ වාසිදායක ලෙස ක්‍රියා කරන අතර එමඟින් වෙළඳපල විවිධත්වය, නිෂ්පාදන ප්‍ර‍මාණය වැඩි කිරීමට සහ පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් ලබාගැන්මට ඉඩ සැලසේ. ඊට අමතරව යුරෝපා සංගම් වෙළෙඳපොළ තුළ ලංකා කුරුඳු සඳහා පවතින තරගකාරී තත්ත්වය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාව සඳහා අපනයන ඉහළ නැංවීම, කුරුඳු වටිනාකම් දාමය හරහා ඉහළ ආදායම් සහ රැකියා උත්පාදනය යන කරුණු සම්බන්ධයෙන් සාධනීය බලපෑමක් ඇති කරන අතර, කුරුඳු නිෂ්පාදනය සහ සැකසීමේ නිරත පාර්ශ්වකරුවන් 30,000කට පමණ මෙමඟින් ප්‍රතිලාභ සැලසේ.

2021 වර්ෂය තුළ දී කුරුඳු අපනයන මගින් ශ්‍රී ලංකාව ඇ. ඩොලර් මිලියන 230 ආදායමක් උපයා ඇති අතර, භූගෝලීය දර්ශකය ලබා ගැනීම තුළින් ඉදිරි වර්ෂවල දී මෙය ඇ. ඩොලර් බිලියනයක අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ.

GI තත්ත්වය ලබා ගැනීමේ පියවරක් ලෙස, දිවයිනේ කුරුඳු කර්මාන්තයේ සියලුම පාර්ශවකරුවන් නියෝජනය කරමින් ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය (Ceylon Cinnamon Geographical Indication Association) පිහිටුවන ලදී.

මෙම කර්තව්‍යයේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් හෘදයාංගම සහය සහ දිරිගැන්වීම පිළිබඳව සඳහන් කිරීමේදී, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීම සඳහා 2020 ඔක්තෝම්බර් මාසයේදී අමාත්‍ය ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එවැනි යෝජනා ශ්‍රි ලංකා කුරුඳු සඳහා GI තත්ත්වය සුරක්ෂිත කිරීමට මග පෑදීය.

යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) සඳහා ශ්‍රී ලංකාවට GI තත්ත්වය ලබා දීම අවහිර කිරීමට තරගකාරී රටවල් විසින් බොහෝ විරෝධතා මතු කරන ලද නමුත්, ඉහත සඳහන් කළ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ දිරිගැන්වීම ඇතිව අපනයන සංවර්ධන මණ්ඩලය මෙම සුවිශේෂී ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නා ලදි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි