නවතම පුවත්

සණස ලයිෆ් ලෝකයේ හොඳම සමාගම් 100 අතරට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සුප්‍රකට අන්තර්ජාතික ව්‍යාපාර සඟරාවක් වන ගෝලීය බැංකු හා මූල්‍ය සඟරාව (Global Banking & Finance) විසින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම වෙත සුවිශේෂී සම්මානයක් පිරිනමා ඇත. The Next 100 Global 2021 නමින් හැඳින්වෙන මෙම ඇගයීම සුවිශේෂී වන්නේ මේ සඳහා ලෝකයෙන්ම සමාගම් 100 ක් පමණක් තෝරාගන්නා නිසාවෙනි.

එකසත් රාජධානිය මූලිකව ක්‍රියාත්මක වන ගෝලීය බැංකු හා මූල්‍ය සඟරාව සෑම වසරකම අන්තර්ජාතික වශයෙන් කැපී පෙනෙන ව්‍යාපාර උදෙසා සම්මාන ලබාදීම සිදුකරන අතර මෙවර සම්මාන ලබාදීමේදී නිර්දේශිත ආයතනයන්ගේ වර්ධන වේගයන් , මූල්‍ය ස්ථායිතාවය , සමාජ වගකීම් වැනි පුළුල් ක්ශේත්‍රයක නිර්ණායක ඇගයීමට ලක්කොට තිබේ.

සණස ලයිෆ් සමාගම පසුගිය වසර කිහිපය පුරාවට දේශිය හා අන්තර්ජාතික මට්ටමින් ඇගයීමට පාත්‍ර වූ අතර 2021 වර්ෂයේ දී ගෝලීය බැංකු හා මූල්‍ය සම්මාන (Global Banking & Finance Awards) උළෙලේ ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම (Fastest Growing Life Insurance Company in Sri Lanka – 2021) ලෙස තේරී පත්වූයේ ද සණස ලයිෆ් සමාගමයි.

වසර 30 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භ කරන ලද්දේ හදිසි අනතුරකදී රක්ෂණ ප්‍රතිලාභ නොලබන ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට සහනයක් ලබා දීම පිණිස ය. දැවැන්ත රක්ෂණ සමාගමකට අඩිතාලම සපයමින් 1991 ඔක්තෝම්බර් මාසයේදී සමස්ත ලංකා අන්‍යොන්‍ය රක්ෂණ සංවිධානය (ALMAO) යන නමින් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, එමගින් රු. 5 සිට 20 දක්වා වන ඉතාමත් කුඩා මාසික ගාස්තුවක් අය කරමින් සුවහසක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රක්ෂණ විසඳුම් ලබාදෙන ලදි. 2003 වසරේදී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත්‍රය හිමි කරගත් අතර, ඉන් වසර දෙකකට පසු සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ක්‍රියාත්මක වීමේ බලපත්‍රයද ඒ වෙත හිමි විණි. මේ වසරේදී කොටස් වෙළඳපල ලැයිස්තුගත සමාගමක් බවට පත්වූ සණස ලයිෆ් අද වන විට මෙරට තරුණ පරම්පරාවට රැකියා අවස්ථා දහස් ගණනක් උදා කර දෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවෙකි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි