නවතම පුවත්

‘බෞද්ධ සංචාරක කළමනාකරණය පිලිබඳ පුහුණු වැඩමුළුව’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බෞද්ධ  සංචාරක කළමනාකරණය පිලිබඳ විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් එළඹෙන 19 දින කුරුණෑගල රිදී විහාරයේ , ජාත්‍යන්තර බෞද්ධ සංචාරක මධ්‍යස්ථානයේදී පැවැත්වේ .

” ප්‍රජා හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය ” යන මැයෙන් පවත්වනු ලබන මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ , කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ , සංචාරක අධ්‍යයන වැඩසටහනේ  සිසු සිසුවියන් සහ  සංචාරක ආර්ථික හා සත්කාරක කළමනාකරණ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසිනි .

 

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ දැනුම හා අත්දැකීම්  සමඟ උපාය මාර්ගික දැනුම් පද්ධතිවල දායකත්වයද ඇතිව  මෙරට මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විභවයන් භාවිතා කරමින් ,  බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව අධ්‍යාත්මික සහ ආගමික සංචාරක ගමනාන්තයක් ලෙසද ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ඉලක්කය වේ ..

ඉලක්කගත සහභාගිවන්නන් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව දායකවන්නන්ට මෙන්ම ඊට අදාළ , හොම්ස්ටේ (home stay ) පහසුකම් සපයන්නන් , අනෙකුත්  සේවා සපයන්නන් සඳහා මෙම වැඩමුළුව විවෘතය ..

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ පශ්චාත් උපාධි/ ශාස්ත්‍රපති සහ ඩිප්ලෝමා වැඩසටහන් වල  සිසුන් විසින් ලංකාවේ බෞද්ධ සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු හා සම්බන්ධ බෞද්ධ සංචාරක ප්‍රවර්ධනය සඳහාවූ  ආකර්ෂණීය ගමනාන්ත පැකේජ කිහිපයක්ද මෙහිදී  හඳුන්වා දීමට නියමිතය .

රිදී විහාරාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ගේ ආශිර්වාදය සහ  අනුශාසනා පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ  ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ  සංචාරක අධ්‍යයන වැඩසටහන් සම්බන්ධීකාරක මහාචාර්ය සුරංග සිල්වා මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රථම බෞද්ධ සංචාරක කළමනාකරණ පුහුණු වැඩමුළුව පැවැත්වේ. , .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි