නවතම පුවත්

ඛනිජ තෙල් ආනයනයට මුදල් දෙන්න – ජනපති මහබැංකුවට කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී ඇත .

ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය මුදල් පියවරෙන් පියවර නිදහස් කිරීමටද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇත .

මේ අතර , ඩොලර් නොමැතිව වරායේ නවතා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැව සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඊයේ රාත්‍රියේම නිදහස් කරන ලෙසද ජනාධිපතිවරයා මම බැංකුවට දැනුම් දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8000 ක හිඟ ණය මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමටද ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණි .

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇමැතිවරු ද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකුවේ නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ඇතුළු මහා භාණ්ඩාගාර නිලධාරීහු ද ඊට සහභාගි වූහ .

සවස පහට පමණ ආරම්භ වූ කැබිනට් රැස්වීම පැය හතරකට පමණ ආසන්න කාලයක් පැවති බවද වාර්තා වේ.

ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා එහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කර ඇත.

ඩොලර් නොමැතිවීමෙන් ඉන්ධන හිඟයක් දැනටමත් ඇති වී තිබෙන අතර,ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දී ඇත .

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වමින් ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඩීසල් හැර,ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල වැඩි කරන්නැයි ඉල්ලිමක් කර ඇත.

එසේ වුවද, ඉන්ධන මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීන්දුවක් නොගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්