නවතම පුවත්

ඉන්ධන හිඟයක් නැහැ , ඇත්තේ ඩොලර් හිඟයක් – ගම්මන්පිලගේ පැහැදිලිකිරීම මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අද රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටි. රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටී .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

” රටේ මේ වෙන කොට ඩිසල් හිඟයක් පවතිනවා. එයට හේතුව තමයි අවසන් ඩිසල් නැව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා තෙක් අපි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩිසල් නිකුත් කරනු ලැබුවේ සිමා සහිතවයි.

මේ වෙනකොට රටට ඉන්ධන රැගත් නෞකා 03ක් පැමිණ තිබෙනවා. ඉන් එක නෞකාවක තිබු පෙට්ට්‍රල් ගොඩබෑම සිදුකරනු ලැබුවා. ඩිසල් නෞකාව සඳහා අවශ්‍ය විදේශ විනිමය ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැදිහත්වී සොයා දෙනු ලැබුවා. ඒ වගේම අනෙක් ඉන්ධන නෞකා සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මුදල් ඇමැතිතුමා පියවර ගන්නවා කියලා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.

පෙබරවාරි 05 වෙනිදා ලංකා IOC සමාගම විසින් සිදුකළ මිල වැඩිකිරීමත්, විශාල මුදලකින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බවට ප්‍රසිද්ධියේම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකිරීම නිසා ඉන්ධන මිල වැඩිවේයැයි කියා සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ගත්තා. ඇත්ත ඒකයි.

අපි අවසන් වරට ඉන්ධන මිල වැඩි කලේ දෙසැම්බර් 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල තිබුනේ අමෙරිකානු ඩොලර් 72යි, නමුත් ඊයේ වෙද්දී එය ඩොලර් 99ක්. මේ කාල සීමාවේදී ජාත්‍යන්තර වෙළෙදපොලේ ඉන්ධන මිල සියයට 38කින් ඉහළ ගිහින් තියෙනවා. යුක්රේන -රුසියා අර්බුදය නිසා ඉක්මනින්ම ඉන්ධන බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවන්න පුළුවන්.

ලෝක වෙළෙදපලේ අඛන්ඩ ඉන්ධන මිල වැඩිවීමක් අපේක්ෂා කරනවා, ඒ වගේම මාර්තු මාසය මැද වෙන විට ඩොලර් 115ක් වෙනු ඇති බවට සඳහන් වනවා.

අපි ඉල්ලීම් කරලා තිබෙනවා තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන්ට මාර්තු මස 15 වෙනිදා කැඳවලා තිබෙනවා. ඒ දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට සාකච්ජා කිරීමටයි. ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීම ගැටලුවක් වී තිබෙනවා,

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි