නවතම පුවත්

කොරෝනා මරණ ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමිදානයට කල හැකියි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු ශ්‍රී ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත නව ආසාදිතයින් 583 දෙනෙකු ඊයේ (04) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 648,993ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (04) දිනට වාර්තා වූ මරණ සංඛ්‍යාව ද 20ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 16,307ක්.

මෙවන් තත්ත්වයක් මත රට පුරා කොවිඩ් මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක වන අතර, මේ වනවිට රටේ සියලුම පුරවැසියන්ට අදාළ එන්නත් මාත්‍රා අවශ්‍ය පරිදි සෞඛ්‍ය උපදෙස් මත ලබාදීමට කටයුතු කරමින් පවතිනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකා නිලධාරීන්ගේ ද සහාය ඇතුව වීම ද විශේෂත්වයක්.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි