නවතම පුවත්

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ගුරු සේවයට එක්වීමේ අවස්ථාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ගතවන කාලය අවුරුද්දකට ආසන්න,කාලයකින් අඩුකර ගැනීම පිණිස, මෙවර සිට උසස් පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම ඉන් එක් ඉලක්කයක් බවද ඔහු සඳහන් කළේය. මේ වනවිටත් ජනාධිපතිතුමා ඇතුළු රජය විශ්වවිද්‍යාල සිසුන් 50 000 ක් සඳහා ඉඩකඩ වෙන්කර ඇති බවද අමාත්‍යවරයා කීය.

සෑම,ගුරුවරයෙක් ම පුහුණු ගුරුවරයෙක් බවට පත්කිරීම තවත් ඉලක්කයක් බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දරුවන්ට පමණක් නොව, දරුවන්ට උගන්වන සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ (IT) දැනුමෙන් සන්නද්ධ කිරීම අනෙක් ඉලක්කය බවද පැවසීය. 

විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයෙන් පිටවන විට තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ විය යුතු බවට තීරණයක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මවුබසට අතිරේකව, භාෂාවක් ලෙස, පාසල්වල ඉංග්‍රීසි අඛණ්ඩව ඉගැන්වීමද නව වැඩපිළිවෙළට අයත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද මෙම බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා වූ බවය.

 විද්‍යා පීඨවලින් පිටවන ගුරු සිසුන්ගේ ගුණාත්මකභාවයට හානි නොවන සේ ඔවුන්ට උපාධියක් ලබාදීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ඔහු කියා සිටියේය.

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්