නවතම පුවත්

රුසියාවෙන් නේටෝවට අනතුරු ඇඟවීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවා සිටී

එවැනි යුධ ගැටුමක් සඳහාවුවද රුසියාව සූදානම් බව පෙන්වා දෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ එය තවත් ලෝක යුද්ධයක් වනු ඇති බවයි.

යුක්රේනයට සාම සාධක භටයන් යැවිය යුතු බවට නේටෝ සාමාජික රටක් වන පෝලන්තය, මේ වනවිට පැවැත්වෙන නේටෝ සමුළුවට යෝජනා කර තිබෙන අතර එම යෝජනාව සඳහා මේ දක්වා නේටෝ සාමාජිකයන්ගේ එකඟතාවය ලැබී නොමැත.

එසේම , යුක්රේන අර්බුදයට යුදමය මැදිහත්වීමක් සිදු කිරීම බොහෝ රටවල් ප්‍රතික්ෂේප කර ඇත

රුසියාවට මහා බ්‍රිතාන්‍ය ගුවන් කලාපය තහනම් කරන්නැයි යුක්රේනය සිදුකළ ඉල්ලීම පවා බ්‍රිතාන්‍ය අගමැති බොරින් ජොන්සන් ප්‍රතික්ෂේප කළේය. ජොන්සන් පවසා තිබුණේ එවැනි තීරණයක් ගතහොත් එය රුසියාව සමග සෘජු ගැටුමක් දක්වා පරිවර්තනය වනු ඇති බවයි.

නේටෝ සංවිධානයද සෘජු යුදමය මැදිහත්වීමක් සිදු කිරීම ප්‍රතික්ෂේප කරන අතර නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයා දැඩිව ඉල්ලා සිටි නමුත් එයද ප්‍රතික්ෂේප කෙරිණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි