නවතම පුවත්

“අමතක නොවෙන නිවාඩුවක්” සඳහා ලොව හොඳම ගමනාන්තය ලෙස , ශ්‍රී ලංකාව ඔසවා තැබේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යවේදීන් , බ්ලොග් රචකයින් , සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන්ම ශ්‍රී ලංකා සංචරණය ආරම්භ කර ඇති Travel Influencer Facilitation Program වැඩසටහන හරහා , 2022 වසරේ ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි දැවැන්ත ගෝලීය අවධානයක් යොමුවීමට නියමිතව ඇත .

සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා දිවයිනේ විවිධ ප්‍රදේශ කා කලාප ආවරණය වන පරිදි නිර්මානාත්මක ප්‍රවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට ශ්‍රී ලංකා සංචරණය මෙම 2022 වසරේදී සමත්වී ඇත.

ඒ අනුව මේ වසරේ ගතවූ මාස තුනක පමණ කාලය තුල පමණක් , ජාත්‍යන්තර සම්මානලාභී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා සංචාරක මාධ්‍යවේදීන් රැසක් සමග සම්භන්ධවෙමින් , ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තයන් ලොව පුරා සංචාරකයින් අතර ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා සංචරණයට හැකියාව ලැබී ඇත .

“අමතක නොවන නිවාඩුවක්” ගත කිරීමට ලොව සුදුසුම සංචාරක ගමනාන්තය ලෙස ( ‘’Unforgettable Holiday Maker’) ශ්‍රීලංකාව ලොව පුරා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලිකම අරමුණක් වී ඇත. එහිදී තිරසාර සංචාරක සංවර්ධනය කෙරෙහි මෙන්ම , සංචාරක ආර්ථිකයේ ප්‍රතිලාභයන් සමාජයේ විවිධ කොටස් වෙත යොමුකිරීම කෙරෙහිද අවධානය යොමු කරමින් මෙම වැඩසටහන් දියත් කිරීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු යොදා ඇත ,

මෙම වැඩසටහන යටතේ , පසුගිය කොවිඩ් සමයේ මෙරටට පැමිණි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් , ශ්‍රී ලංකාව තුල පවතින ආරක්‍ෂිත වාතාවරණය පිළිබඳව ලොව පුරා සංචාරකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත . විශේෂයෙන්ම , ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරයන් පිළිබඳව සහ රජය විසින් පිහිටුවන ලද සංචාරක හිතකාමී ‘‘සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ’’ පිළිබඳවද බාහිර ලෝකය දැනුවත් කිරීමට මෙම පිරිස කටයුතු කර ඇත .

සමස්ථ වශයෙන් , මෙම ප්‍රවර්ධන වැඩසටහන් යටතේ අනුරාධපුරය, මාතලේ, නකල්ස් කඳුවැටිය, ගල්ඔය, කුමන, පොතුවිල්, පාසිකුඩා, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරය වැනි ප්‍රදේශ විශේෂයෙන් වඩාත් ඉස්මතුකරලීම සඳහා පියවර ගෙන ඇත .

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සංචාරණයේ ආරාධනයෙන් , පසුගිය මාස දෙක තුල , එක්සත් රාජධානිය, ජර්මනිය, නෝර්වේ, බෙල්ජියම, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් නවයක් (09) නියෝජනය කරන ජාත්‍යන්තරව පිළිගත් සංචාරක මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරීන් පහළොස් දෙනෙකු (15) එක්ව ඇත .

ජාත්‍යන්තර සාමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සමග .

මෙම පිරිස සතු සමාජ මාධ්‍ය වෙත ලොව පුරා 5,291,333 ක ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටින අතර ඔවුන් විසින් Facebook, YouTube, Instagram ඇතුළු ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය වේදිකා ආවරණය කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ගතයන් 276 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට නියමිතය .

මෙම වැඩසටහන හා එක්වූ සියලුම ජාත්‍යන්තර මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් , තම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මෙන්ම මෙහිදී ඔවුන්ට ලැබුණු ආගන්තුක සත්කාර පිළිබඳවද අතිශයෙන් සතුටට පත්ව සිටී .

මෙම වැඩසටහනට එක්වූ , බ්‍රිතාන්‍යයේ සම්මානලාභී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන බෙලා ෆෝල්ක් (blog: www.passportandpixcel.com ) මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි .

“මනරම් දර්ශන, පෞරාණික ඓතිහාසික ස්ථාන, විශ්මිත ආහාර සහ සුන්දර හෝටල් ඇතුළුව මේ රටට පිරිනැමිය හැකි ඇදහිය නොහැකි ස්ථාන කිහිපයක් අත්විඳිමින් ශ්‍රී ලංකාව වටා සංචාරය කිරීමට තරම් මම වාසනාවන්ත වුනා . ශ්‍රී ලංකා සංචාරණයේ මෙම ප්‍රවර්ධන වැඩසටහනට එක්වීමට ලැබීම භාග්‍යයක් . මෙරට සංචාරක හෝටල් ,තිරසාර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා . එය සංචාරකයන් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපව දිරිමත් කරනවා. ශ්‍රී ලංකාව ලොව ඉතාමත් සුන්දර සංචාරක ගමනාන්තයක් , ඔබ මෙහි පැමිණීමට සිතා සිටිනවානම් , මම ඒ ගැන ඉහලින්ම නිර්දේශ කරනවා “

සම්මානලාභී ස්පාඤ්ඤ සංචාරක ඉන්ස්ටග්‍රෑම්කරුවෙකු වන ඩේවිඩ් රොකාබර්ටි මෙසේ ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවට එන්න ලැබීම මගේ වාසනාවක් , මෙය ඉතා සුන්දර රටක් . ඒ ගැන නිවැරදිම තොරතුරැ මම දැනගත්තේ මෙම සංචාරයෙන් පසුවයි . මෙරට ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහලයි . ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන මම මගේ සමාජ මාධ්‍ය හරහා ලොවටම ප්‍රචාරය කරනවා.”

මෙම ප්‍රවර්ධන වැඩසටහන හා එක්වූ තවත් ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් හා සටහන් කිහිපයක් පහත දැක්වේ .

ඇමෙරිකාවේ ප්‍රවේන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මයික් සුබික් මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව තම යු ටියුබ් නාලිකාවට එක්කල නවතම වීඩියෝව පහත දැක්වේ.

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි