නවතම පුවත්

ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංග අතර ජනප්‍රිය නාමකරණ කිහිපයක් ලෙස ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ ප්‍රචලිත ය. එබඳු ප්‍රසංග නො පැවැත්වුණු පිට්ටනියක් මෙරට නොමැති තරම් ය.

එහෙත් මේ දිනවල ගෝල්ෆේස් පිට්ටනියේ පැවැත්වෙන “ගෝඨාගෝගම” යනු, ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ එක්වර වේදිකාගත වන අවස්ථාවක් වැන්න.

මේ “ගෝඨාගෝගම” නිසා දැන් 1948 සිට මෙරට පාලනයට අත ගැසූ තට්ටුමාරු දේශපාලනයේ ප්‍රධාන පක්ෂ වන UNP (සජබ) “ෆුල් බ්ලාස්ට්” වී ගොසිනි. SLFP (පොහොට්ටුව) “මෙගා බ්ලාස්ට්” වී ගොසිනි.

මෙපමණ කාලයක්, “ලංකාවේ ජනප්‍රිය පොදු ජනතා අරගල සංවිධානය කරන්නෝ” යනුවෙන් නම් දරා සිටි JVP (ජාජබ) දේශපාලනයට, “ගෝඨාගෝගම”, යනු “ඇටෑක් ෂෝ” එකකි.

ජවිපෙ ව්‍යාජ ජන අරගල කලාව මස්තබාල්දු වී ගොසිනි.

පාර්ලිමේන්තු බලයක් හෝ නියෝජනයක් තබා ප්‍රාදේශීය සභාවකටවත් තරග කර නැති මේ කොලු කෙල්ලන් ගේ අරගලය නිසා, සියල්ලෝ හතරගාතේ වැටී සිටිති.

මෙයට පෙර UNP, SLFP, JVP පක්ෂ සජබ, පොහොට්ටුව, ජාජබ ආදි වශයෙන් හැව අරින ප්‍රතිපත්තියකට තල්ලු වී ගියේ නව සමාජ මනෝභාවය කියවා ගැනීමට තිබුණු නොහැකියාව නිසා ය.

අද වන විට ඒවා පට්ට ගොංපාට් වී හමාර ය.

රටට වැඩ කරන්නට නම්, පාර්ලිමේන්තුවේ බහුතර බලය ඉල්ලමින් දේශපාලන සූදු කෙළිමින් සිටි මේ තක්කඩියන්ට “ගෝඨාගෝගම” සංවිධානය කළ නිර්පාක්ෂික තරුණ පරපුර දුන් කණේ පාර සුළුපටු නැත.

ඔවුන් ගේ බැරි බැරියාවට එරෙහි ව ෆුල් බ්ලාස්ට්, මෙගා බ්ලාස්ට් සහ ඇටෑක් ෂෝ දියත් කළ “ගෝඨාගෝගම” තරුණ අරගලකරුවෝ මෙතෙක් රටට ලබා දී තිබෙන ජයග්‍රහණ රැසකි.

නාකි කැබිනෙට්ටුව කුඩු වුණේ ය.

මහා බැංකු අධිපති විසි වුණේ ය.

මූල්‍ය උපදේශක මණ්ඩලය කැබලි වුණේ ය.

ජනාධිපතිට අසරණභාවයෙන් ජාතිය අමතන්නට සිදු වුණේ ය.

ආණ්ඩුව දුබල වුණේ ය.

මෙලෙස සිදු වූ තවත් බොහෝ දේ තිබේ.

අන්‍ය මත ඉවසීම (tolerance)  අතින් මේ තරුණ පරපුර සමඟ අපට හැරෙන්නටවත් බැරි ය. ඔවුන් ගේ ලෝකය විවිධත්වයෙන් අනූන යථාවාදී  වූවකි.

“ඔබ ගොඨාගෝගම බලන්නට ගියාදැ”යි  යනුවෙන් ඇසූ ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක පවසා තිබුණේ “මං වාහනයෙන් දෙතුන්පාරක් එහා මෙහා ගියා” යනුවෙනි.

සියල්ල වෙනස් වෙමින් තිබේ.

“අරගලයේ පියා” වන්නට ගිය JVP (ජාජබ) නෝන්ඩි වුණේ ය. “මෝටිවේෂන් අප්පච්චි” අවතැන් වුණේ ය. “සිංහල ටියුෂන් මුදලාලි” මාට්ටු වුණේ ය.

අලුත් අසූචි අරගෙන ආ පරණ වැසිකිලි කුඩු වුණේ ය.

ලෝකයට විවර වුණු නව තරුණ පරපුර සමඟ කතා කිරීමට නව භාෂාවක් අවශ්‍ය වී තිබේ. එය සිදු නො කර තක්කඩි ලෙස “ගෝඨාගෝගම” අයිතිය පවරා ගැනීමට යෑම කළ හැක්කක් නො වේ.

“ඇතුළත යනු පිටත ය.”
Inside is out

“ගෝඨාගෝගම” නායකත්ව අයිතිය ඇත්තේ “ගෝඨාගෝගම” තුළ ය.

(කුමාර ලියනගේ )

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි