නවතම පුවත්

සමාජ මාධ්‍ය තුල , මාධ්‍යවේදීන් සතු භාෂණයේ නිදහස තහවුරු කරනු!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමාජ මාධ්‍ය තුල ස්වාධීන , නිදහස් , මතවාද හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතුව ඇති බවත් එම අයිතිය උල්ලංඝනය කිරීමට කිසිදු මාධ්‍ය ආයතනයක් හෝ පාලන අධිකාරියක් පියවර නොගත යුතු බවත් , ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී .

භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කරන ලොව පැරණිතම හා විශාලතම සංවිධානයක් වන “පෙන්’ ජාත්‍යන්තරයේ ( PEN INTERNATIONAL ) ශ්‍රී ලංකා ශාඛාව ලෙසද ක්‍රියාත්මක වන ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය නිකුත් කර ඇති මෙම නිවේදනයේ මෙසේද දැක්වේ .

සෑම වසරකම මැයි 03 වන දිනය , ලෝක ජනමාධ්‍ය නිදහස පිලිබඳ දිනය (World Press Freedom Day) ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති අතර ඒ අනුව මාධ්‍ය නිදහසේ මූලික මූලධර්ම සැමරීමට , , ලොව පුරා මාධ්‍ය නිදහස ඇගයීමට ,මෙන්ම මාධ්‍ය නිදහසට හා ස්වාධීනත්වයට එරෙහි ප්‍රහාරයන්ගෙන් එය ආරක්‍ෂා කිරීමට අද දිනය විශේෂයෙන් වෙන්වී ඇත .

මෙවර ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදී අපගේ සංවිධානය විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ වත්මන් නවීන ඩිජිටල් මාධ්‍ය යුගයේ , මාධ්‍යවේදීන් සතු ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස පිලිබඳවය .

ලොව ඕනෑම රාජ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරන ඕනෑම මාධ්‍යවේදියෙකුට ,මෙම ඩිජිටල් මාධ්‍ය තුල එසේත් නැතිනම් මෙම නව සමාජ මාධ්‍ය තුල නිදහස් , ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීමේ සුවිශේෂී අවකාශයක් , අයිතියක් ඇත .

නමුත් අවාසනාවකට මෙන් ,මෑත කාලය තුල ශ්‍රී ලංකාවේ මෙන්ම ලොවපුරා විවිධ මාධ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය පාලන අධිකාරීන්ද, මාධ්‍යවේදීන් සතු මෙම අවකාශය හා අයිතිය උල්ලංඝනය වන අයුරින් කටයුතු කරනු දක්නට ලැබේ .

මාධ්‍ය ආයතන සතුව කුමනාකාරයේ අදහස් , මතවාද ,හෝ න්‍යාය පත්‍ර පැවතියද , ඒවායේ සේවය කරන ඕනෑම ජනමාධ්‍යවේදියෙකුට , තම පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හා වේදිකා ( platforms) තුල ස්වාධීන හා නිදහස් මත දැරීමේ අයිතියක් ඇති බව අප තරයේ අවධාරණය කර සිටින්නෙමු .

එසේම එම මාධ්‍යවේදීන්ට තම පුද්ගලික සමාජ මාධ්‍ය අවකාශ තුල නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ස්වාධීනව පෙනී සිටීමේ අයිතියක් ඇති බවද මෙහිදී අප අවධාරණය කර සිටීමට කැමැත්තෙමු .

මාධ්‍යවේදීන් සතු එම අයිතිය හා නිදහස උල්ලංඝනය නොකරන ලෙස අප සියලුම මාධ්‍ය ආයතන හා අදාළ පාලන අධිකාරීන් වෙතින් ඉල්ලා සිටිමු .

එසේම මෙලෙස තම සමාජ මාධ්‍ය අවකාශයන් හරහා නිදහස් අදහස් හා මතවාද පලකිරීම හේතුවෙන් විවිධ බලපෑම් හා පීඩනයන්ට ගොදුරුවූ, තම රැකියාවන්ගෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ , සියලුම මාධ්‍යවේදීන්හට වහා සාධාරණයක් ඉටුකරන ලෙසද අප සියලුම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු .

ආසියානු මාධ්‍ය හා සස්න්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතාගේ හා මහලේකම් පැතුම් වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි