නවතම පුවත්

ඉන්දියාවෙන් දුන් ඩොලර් බිලියනයට මොකද වුනේ ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියනයක ණය ආධාර මගින් වානේ ආනයනය කිරීමේ සූදානම් ඇති බවට සතිඅන්ත පුවත්පතක පළවූ පුවත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම පුවතේ ඇති කරුණු නිවැරදි මුලාශ්‍රයකින් තොරව පළකර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඉන්දියාව සමග ඇති කර ගනු ලැබූ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගනු ලැබුවේ මෙරටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ගෙවීම් සිදුකිරීමේ අරමුණින් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

මාසික අවශ්‍යතාවයන් සහ ආනයනකරුවන්ගෙන් ලද තොරතුරු අනුව පළමුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 300ක්, ඖෂධ සඳහා ඩොලර් මිලියන 200ක් සහ කාර්මික අමුද්‍රව්‍ය සඳහා ඩොලර් මිලියන 500ක් ලෙස වෙන් කරනු ලැබූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත්, කාර්මික අමුද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය සඳහා වෙන් කළ මුදල් සංශෝධනය කරමින් ඒ වෙනුවට දැඩි හිඟයක් වී තිබු ඉන්ධන සහ LP ගෑස් මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරිමට අවශ්‍ය සංශෝධනයන් සිදුකළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

මෙම ප්‍රතිපාදන සඳහා මුදල් වෙන් කිරිමට තීරණය කරනු ලැබුවේ ණය මුදල් අවසන් කරන අවස්ථාවේ පැවති අවශ්‍යතා සලකා බලමින්ය.

කාර්මික අමුද්‍රව්‍යවලට කඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, රෙදිපිළි කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය, කාබන් නොවන රසායනික ද්‍රව්‍ය, සිමෙන්ති/ක්ලින්කර්, ට්‍රාන්ස්ෆෝමර් සඳහා අමුද්‍රව්‍ය, පොහොර සහ වානේ ඇතුළත් වේ.

දැනට රටේ ක්‍රියාත්මකව පවතින වැදගත් ව්‍යාපෘති සහ අවසානයේ රටට විදේශ විනිමය ගෙන එන අපනයන කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම ද්‍රව්‍ය අවශ්‍ය වන බැවින් මෙම ණය පහසුකම් ලබා ගැනීමේදී කාර්මික අමුද්‍රව්‍ය ඇතුලත් කරනු ලැබූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම වානේ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් යොදවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන සහ LP ගෑස් සඳහා ප්‍රමුඛත්වය දෙමින් වත්මන් අවශ්‍යතා මත පදනම්ව විවිධ උප කාණ්ඩ සඳහා වත්මන් ප්‍රතිපාදන රජය විසින් සමාලෝචනය කර සිටියි.

දැනටමත් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

10Views

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී