නවතම පුවත්

‍ශ්‍රී ලංකා‍වේ ස්ත්‍රී දූෂණ ඉහළට

අසංක

අසංක

සටහන – දම්පත් රණසිංහ

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ වාර්තා වීම් පෙර වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ යම් ඉහළ යාමක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානයේ නවතම සංඛ්‍යාදත්ත අනාවරණය කරයි.

එම දත්තවලට අනුව 2021 වසරේ සිදුව ඇතැයි වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1977 කි. ඒ අතරින් දූෂණයට ලක්වූ 1721දෙදෙනෙක්ම වයස අවුරුදු 16 ට දැරිවියන්ය.

ඒ අයගෙන් 1377 දෙනෙක් සිය කැමැත්තෙන් එම අපරාධයට ගොදුරුවී ඇති බවද පොලිස් සංඛ්‍යාදත්තවල සදහන්ය. වයස අවුරුදු 16 අඩු දරිවියක් සිය කැමැත්තෙන් පිරිමියෙක් සමඟ එක්වුවද එය සැළකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිණි.

පොලිස් සංඛ්‍යාදත්ත අධ්‍යනයේදී පෙනී යන ආකාරයට අනුව 2020 වසරේදී වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ ගණන 1903 ක් වන අතර 2019 වසරේදී එම ගණන 1779 කි. 2018 වසරේදී වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ ගණන 1792 කි. 2017 වසරේදී එම ගණන වාර්තා වී ඇත්තේ 1732 ක් ලෙසිණි.

ඒ අනුව ගෙවී ගිය පස් වසරතුළ මෙරට සිදුවී ඇතැයි වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ ගණන 9183කි. ඒ අතරින් ස්ත්‍රී දූෂණ 7699ක්ම වයස අවුරුදු 16ට අඩු දැරිවියන් සම්බන්ධයෙනි. පොලිස් සංඛ්‍යාදත්තයන්ට අනුව එම දැරිවියන්ගෙන් 6209 දෙනෙක් සිය කැමැත්තෙන් දූෂණයට ලක්වී ඇති බව සඳහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්