නවතම පුවත්

ඉන්දීය ආධාර ගැන මහකොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වසර තුල ඉන්දීය රජය මෙරටට ලබාදී ඇති ආධාර පිලිබඳ විස්තර රැගත් නිවේදනයක් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කර ඇත .

එම නිවේදනය පහත දැක්වේ.

  1. 2022 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 3කට වැඩි ඉන්දීය ආර්ථික සහයෝගය ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.
  1. ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර ඒ යටතේ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට පෙර දිවයිනට ළඟා වූ සහල් මෙට්‍රික් ටොන් 16,000 විවිධ සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. මෙම සහනදායි ණය පහසුකම යටතේ ඉන්දියාවෙන් සැපයිය යුතු භාණ්ඩ තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසිනි. ඉන්දීය රජය හුදක්ම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවයන් අනුව භාණ්ඩ සැපයීමට කටයුතු කරයි. මේ වන විට සහල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ කාර්මික අමුද්‍රව්‍ය වැනි විවිධ දේ ඉන්දියාවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
  2. ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන වැනි ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක තවත් ණය පහසුකමක් ද ඉන්දියාව විසින් ලබා දී ඇති අතර ඒ යටතේ විවිධ වර්ගයේ ඉන්ධන තොග 9ක් පමණ දිවයිනට ළඟා වී ඇත. පෙට්‍රල් සහ ඩීසල් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් හරහා බෙදා හැරෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25හිම ජනතාවට ඉන්ධන ලබා දීමට කටයුතු කෙරේ. මෙම ණය පහසුකම යටතේ මේ වන විට ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000ක් සපයා ඇති අතර තවත් ඉන්ධන තොග ඉදිරියේදී දිවයිනට ළඟා වීමට නියමිතය.
  3. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආසියානු නිෂ්කාෂණ සංගමය යටතේ ඉන්දීය සංචිත බැංකුවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 1ක පමණ මුදල 2022 මාර්තු දක්වා කල් දැමීම සහ 2022 අප්‍රේල් 18 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරුව තවත් මාස තුනකින් දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.
  4. විවිධාකාරයේ ආර්ථික සහය මෙන්ම වෙනත් ආකාරයේ සහයෝගයන් ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දේ. ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෛද්‍ය සැපයුම් විශාල තොගයක් මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට 2022 අප්‍රේල් 29 වන දින කොළඹ දී භාර දෙන ලදී. ඉන් අනතුරුව මෙම ‍ඖෂධ තොගය පෙ‍්රාදෙණිය ශික්ෂණ රෝහලට භාර දෙන ලදී. ඉන්දියාව විසින් ලබා දෙන බහු ආංශික සහය ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ලබා දෙන වැදගත්කම පිළිඹිබු කරයි. එසේම මෙම සහය “අසල්වැසියා ප්‍රථමයෙන්” සහ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (Security and Growth for All in the Region – SAGAR) යන ප්‍රතිපත්තීන් අනුව ක්‍රියාවට නැංවේ.
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි