නවතම පුවත්

ගෙවී ගිය වසරේදී , බරපතල අපරාධ 35,412 ක් සිදුවෙලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

ගෙවී ගිය 2021 වසරේ මෙරට සිදුව ඇති ග්‍රහණ අපරාධ සංඛ්‍යාව 35,412 ක් බව පොලිස් මූලස්ථානයේ නවතම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

2020 වසරට සාපේක්ෂව සැළකීමේදී 2021 වසරේ සිදුව ඇත්තේ ග්‍රහණ අපරාධ ගණන 4314කින් ඉහළ යාමකි.

2021 වසරේදී මෙරට සිදුව ඇතැයි වාර්තා වී ඇති ග්‍රහණ අපරාධ සංඛ්‍යා දත්තයන්ට අනුව පැහැරගෙන යාම් 172ක්, අපහරණ කිරීම් 629ක්, ගිනි තැබීම් 361ක්, රුපියල් 25,000කට වැඩි අලහාභානි කිරීම් 365ක්, නිවෙස් බිදුම් 6840ක්, බරපතල තුවාල කිරීම් 854ක්, අවි ආයුධවලින් පහරදීම් 1843ක්, මිනිස් ඝාතන 521ක් සිදුව ඇත.

ඊට අමතරව ඝාතන තැත් කිරීම් 105ක්, ස්ත්‍රී දූෂණ 1977ක්, නීති විරෝධී රැස්වීම් සහ කැරලි කෝලාහල 344ක්, මංකොල්ලකෑම් 2277ක්, අස්වභාවික ක්‍රියා සහ බරලතල ලිංගික අතවර කිරීම් 649ක්, කප්පම් ගැනීම් 115ක්, වංචා කිරීම් 2207ක්, රුපියල් ලක්ෂයකට වැඩි දේපළ සොරකම් 4801ක්, ගව සොරකම් 265ක්, ව්‍යාජ මුදල් මුද්‍රණය සහ ව්‍යාජ මුදල් සන්තකයේ තබා ගැනීම් 40ක්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ වැරදි සම්බන්ධයෙන් 10,959ක් ඇතුළු අපරාධ රැසක් 2021 වසරේ ග්‍රහණ අපරාධ වාර්තා වී තිබේ.

පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්තයන්ට අනුව 2020 වසරේ සිදුව ඇති සමස්ත ග්‍රහණ අපරාධ ගණන 31,098ක් වන අතර 2019 වසරේ එම ගණන 34,578කි. එසේම 2018 වසරේදී මෙරට වාර්තා වී ඇති ග්‍රහණ අපරාධ ගණන 36,355ක් ලෙසිණි. 2015 වසරේ වාර්තා වූ ග්‍රහණ අපරාධ ගණන 40,188ක් වූ අතර 2010 වසරේදී එම ගණන වාර්තා වී තිබුණේ 57,560 ලෙසිණි.

ඒ අනුව සලකා බැලීමේදී මෑත කාලීනව ග්‍රහණ අපරාධ සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇතැයි පොලිස් සංඛ්‍යා දත්තයන්ට අනුව පෙනී යයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි