නවතම පුවත්

ණය ගෙවන්න ඩොලර් නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැතැයි ද පාට පක්ෂ භේද අතහැර සියලු දෙනාට එකතු වෙන්නැයි පුන පුනා ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූයේ ලංකා ඉතිහාසයේ පළමු වරට අප ණය ගෙවන්නට බැරි තැනට පත්ව ඇති බවයි.එන මාස 12ට ඩොලර් බිලියන පහමාරක පමණ ණයක් ගෙවන්නට සිදුවෙන බවත් ණය නොගෙවන පසුබිම යටතේ අපට එකවර කොපමණ මුදලක් ගෙවන්නට සිදු වනවා දැයි පැහැදිලි කරන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි