නවතම පුවත්

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් කළු පටි බඳිමු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මාධ්‍යව්දීන්ගේ සංගමයේ සභාපතිවරයාට හා තවත් මාධ්‍යවේදියෙකුට , පාර්ලිමේන්තුව තුලදී හිරිහැරයන් හා තර්ජනයන් සිදුකිරීම හෙළා දකිමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇත . .

එම ලිපිය පහත දැක්වේ .

17.05.2022

ගරු කථානායකතුමා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ජයවර්ධනපුර

කෝට්ටේ.

ගරු කථානායකතුමනි,

  පාර්ලිමේන්තුව තුලදී  මාධ්‍යවේදීන්ට එල්ලවූ  හිරිහැර හා තර්ජනයන්  පිළිකුලෙන් හෙළා දකිමු.

2022-05-17 දින පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී පිටතට පැමිණෙමින්  සිටි පිරිස්   ඡායාරූපගත කල  ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර  යන වෘත්තීය මාධ්‍යවේදීන් දෙදෙනාගේ දුරකතන දෙක පැහැරගෙන ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීම අප සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු .

ජංගම දුරකතන මගින් පාර්ලිමේන්තු වාර්තාකරණ කටයුතුවල නිරතවීමට ජනමාධ්‍යවේදීන්ට  පාර්ලිමේන්තුව විසින්ම නිල වශයෙන්ම අවසරය හා නිදහස ලබාදී ඇති වටපිටාවක මෙවැන්නක් සිදුවීම  මෙරට මාධ්‍ය නිදහසට මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටද එල්ලවූ  බරපතල පහරක් ලෙස අප විශ්වාස කරමු .

එසේම මෙහිදී  තර්ජනයන්ට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා , පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වීමද විශේෂ කරුණකි .

ජංගම දුරකථන මාර්ගයෙන් මාධ්‍යකරණයේ නිරතවීම අද ලොව පුරාම සිදුකෙරෙන  , පිළිගත් ක්‍රමවේදයක් වන අතර එය MOJO හෙවත් මොබයිල් ජර්නලිසම්( mobile journalism) යන නමින් හැඳින්වේ . එසේම නවීන ලෝකය තුල , ජන්ගම දුරකථනය යනු මාධ්‍ය වාර්තාකරණයේ ප්‍රධානතම මෙවලමක් බවට පත්වී ඇත .

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව නොදැන සිටීම අතිශය කනගාටුවට කරුණක් වන අතර ඔවුන්ව මේ සම්භන්ධයෙන් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේ  හා කතානායකවරයාගේ  වගකීමක් වන බවද අප මෙහිදී  අවධාරණය කර  සිටිමු .

 ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය වන  පාර්ලිමේන්තුව තුළදී , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින්ම  මාධ්‍යය වෙත එල්ලවන මෙවැනි  බලපෑම්  සුළුකොට තැකිය නොහැකි අතර  ඒ අනුව මෙම  සිදුවීමට වගකිවයුතු  සියලු දෙනාටම  තරාතිරම නොබලා නීත්‍යානුකූලව ක්‍රියාත්මකවීමට කථානායකවරයා ලෙස ඔබතුමා වහා පියවර ගත යුතව ඇත .

එසේම තම රාජකාරිය ඉටුකිරීමට ගිය  අපගේම මාධ්‍ය සගයින් දෙදෙනෙකුට එල්ලවු මෙම තර්ජනයන්ට හා හිරිහැරයන්ට  විරෝධය පළකිරීමක් ලෙස , හෙට දින “කළු පටි “ පැළඳ තම රාජකාරියේ  නිරතවන ලෙසද  පාර්ලිමේන්තු මාධ්‍ය වාර්තාකරණයේ නිරතවන සියලුම මාධ්‍යවේදීන්ට  අප යෝජනා කර සිටිමු .

ස්තුතියි,

      මෙයට විශ්වාසී ,                                                                                                

…………………………..                                              ……………………….

පැතුම් වික්‍රමරත්න                                                      උපුල් ජනක ජයසිංහ

මහලේකම්                                                               සභාපති

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි