නවතම පුවත්

වැට් හා විදුලි සංදේශ බදු වැඩිකිරීමෙන් , බර පැටවෙන්නේ අඩු ආදායම් ලාභීන්ටයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කර ඇති වැට් බද්දෙන් සහ විදුලි සන්දේශ බද්දෙන් වැඩි බදු බරක් පැටවෙන්නේ පහළ ආදායම් ලාභීන්ට බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දේ .

එම පිරිසේ ආදායමේ ප්‍රතිශතය අනුව බදු බරෙහි වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට සිදුවනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසන්නේ .

භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම බදු වැඩිකිරීම හරහා උද්ධමනය ද තවදුරටත් ඉහළ යනු ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් පවතින ගැටළුකාරී තත්ත්වයන් කිහිපයට මෙම බදු වැඩි කිරීම ධනාත්මක ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 08 සිට 12 දක්වාත්, සියයට 11 යි දශම 05 ක් වන විදුලි සංදේශ බද්ද, සියයට 15 දක්වාත් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට මේවනවිට යෝජනා වී තිබෙ. රාජ්‍ය අදායම වැඩිකර ගැනීම මඟින් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය බදු ප්‍රතිසංස්කරණ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

එමගින් මෙම වසර තුළ ඇස්තමේන්තු ගත අමතර ආදායම රුපියල් බිලියන 94ක්. ඊට අමතරව අදායම් බද්ද, රඳවා ගැනීමේ බදු සංස්ථාපිත අදායම් බද්ද, ඇතුළු බදු වර්ග ගණනාවක් ඔක්තෝම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමටයි යෝජනා කර ඇත්තේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්