නවතම පුවත්

මත්පැන් , සිගරට් මිල ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

වැට් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගැනීම නිසා නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දමන බව කී එම නිලධාරියා පැවසුවේ සිගරැට් වර්ගය අනුව මිල වැඩිවීම තීරණය වන බවත්ය.

සිගරැට් වර්ගය අනුව වැඩිවන මුදල අද රාත්‍රී ප්‍රකාශයට පත්කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මේ අතර වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මත්පැන් නිෂ්පාදන සමාගම් මිල වැඩිකළ ආකාරය සුරාබදු දෙපාර්තමේන්තු දැනුවත් කළ යුතු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් බෝතලයක මිල රුපියල් 500 ත් 600 ත් අතර මුදලකින් සහ බියර් බෝතලයක් රුපියල් 30 මුදලකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි