නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට චීනයේ සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ණය බර අඩුකිරීමට , අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව චීනය අවධාරණය කර සිටී .

“ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීන රජය හොඳින් අවබෝධකරගෙන ඇති බවත් ඒ අනුව ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටුකිරීට තම රජය සූදානම් බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියැන් මහතා සඳහන් කර සිටී .

ශ්‍රී ලංකාව චීනයෙන් ගෙන ඇති ණය සම්බන්ධයෙන්ද චීන රජය අවධානය යොමු කර ඇති බවත් අදාළ මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේදී ඒ සම්භන්ධයෙන් සාකච්ජා පැවැත්වෙනු ඇති බවත් ෂාඕ මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කර ඇත .

එම ණය සම්භන්ධ ගැටලුවලට යම් විසඳුමක් සොයාගැනීමටද එහිදී පියවර ගන්නා බව චීන විදෙස් අමාත්‍යංශ ප්‍රකාශකවරයා පැවසීය .

ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීම සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අදාළ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට ද චීනය සූදානම් බව ෂාඕ මහතා පැවසීය ..

.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි