නවතම පුවත්

විදුලිබල ඩීසල් මාෆියාව මර්ධනය කල යුතුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කුමාර ලියනගේ

රටක ජාතික ආරක්ෂාවට අයත් වන්නේ, හුදෙක් රජයේ ආරක්ෂක අංශ විසින් සෘජු ආරක්ෂාව සැපයෙන භූමි, ආයතත සහ පුද්ගලයන් පමණක් නො වේ. ජලය, බලශක්ති සහ ආහාර යනු එහි මෘදු ආරක්ෂක – soft security අංශයට අයත් සංවේදී ක්ෂේත්‍ර වේ. මේවා ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් වන්නේ මෙවැනි තීරණාත්මක අංශවලට බලපෑම් කිරීමෙන් රාජ්‍යයක් ඉතා පහසුවෙන් බිඳ දැමිය හැකි වන නිසා ය.

මෙහිදී අප අවධානයට ලක් කළ යුතු වන්නේ අවසන් යුද ක්‍රියාන්විතය ආරම්භ කිරීමට ද, ජල ප්‍රශ්නයක් බල පෑ බවද් ය. ඒ අනුව, මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් විසින් අවහිර කරනු ලැබීම නිසා රජයට ආයුධ සහිත සාමයක් – peace with weapons නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වූ බව සඳහන් කළ යුතු ය. ජනතාව ගේ මූලික අවශ්‍යතා සපුරා දීම රජයක සහ රට කරවන ආණ්ඩුවක, මගහැර යා නො හැකි වගකීමකි.

විවිධ ආණ්ඩු යටතේ නිරුපද්‍රිත ව ක්‍රියාත්මක වෙමින් තිබෙන විදුලිබල මණ්ඩලයේ ඩීසල් මාෆියා ත්‍රස්තවාදය ජාතික ධනය කොල්ලකමින් ද, පොදු දේපළ විනාශ කරමින් ද, රට අගාධයට තල්ලු කරමින් ද පවතින ආකාරයෙන් පෙනී යන්නේ රාජ්‍යය බිඳ වැටී තිබෙන ආකාරය ය. මෙවැනි ජාතික අපරාධ සිදුවන රටක් කෙදිනකවත් දියුණු වන්නේ නැත.

මෙරට විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරුන් ලෙස තනතුරු දැරූ බොහෝ දේශපාලකයන් ගේ නම් සඳහන් කළ හැකි වෙතත්, මේ ඩීසල් මාෆියාවට අභියෝග කළ ඇමතිවරුන් සිටින්නේ කීයෙන් කී දෙනා ද? ඩලස් අලහප්පෙරුම යනු ඊට නො බිය ව අභියෝග කළ අමාත්‍යතුමෙකි. එහෙත් ඔහුට හිටිහැටියේ තනතුර දමා යෑමට සිදු වූ ආකාරය පුදුමසහගත ය. මේවා ජනාධිපති ගේ අනුදැනුමෙන් තොර ව සිදු වන්නට ඇතැයි කිය හැකි ද?

ඊළඟට ඇමති ධූරයට පත් වූ ගාමිණී ලොකුගේ මුලින් ම සිදු කළේ හදිසි මිළ දී ගැනීම් සඳහා මාස 6කට ගිවිසුම් අත්සන් කිරීම ය. ඔහු පොහොට්ටුවේ වෘත්තීය සමිති භාර ව සිටීම, දූෂිත ඉංජිනේරු වෘත්තීය සමිතියට වෙස්වළා ගත් ආශීර්වාදයක් වන්නට ඇත. ඩීසල් මාෆියාවේ මඩි තර වන්නේ මේ ආකාරයට ය.

ඩීසල් මාෆියාව ස්වකීය මිළ අධික ඩීසල් ජාවාරම සිදු කරන්නේ මහවැලි යෝජනා ක්‍රමයට අදාළ ජලාශවල ජලය හිස් කර, ජලවිදුලි නිෂ්පාදනය හිතා මතා අඩාල කරමිනි.

ඒ අනුව පසුගිය ජුනි 08වැනිදා රාත්‍රියේදීත්, ඩීසල් මාෆියාව විසින් එවැනි ජලාශවල ජලය හිස් කිරීමක් සිදුකරනු ලැබ තිබේ. එයින් අපතේ ගොස් තිබෙන සමස්ත ජල ප්‍රමාණය පහත පරිදි වාර්තා වේ.

රන්ටැඹේ ජලය ක්‍යුබික් මීටර් 912000
රන්දෙණිගල ජලය ක්‍යුබික් මීටර් 409000

මේ සමග උද්ගත වන ප්‍රශ්න ;

  • ජලවිදුලියට කුමක් වේ ද?
  • හදිසි මිළ දී ගැනීම් ඉහළ යයි ද?
  • කෘෂිකර්මය බිඳ වැටෙයි ද?
  • ජල අවශ්‍යතා සපුරාගත හැකි ද?
  • ආහාර සැපයුම අඩාල වේ ද?

එදා, කොටි ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා රජය ඊට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කළේ නම්, රන්ටැඹේ සහ රන්දෙණිගල ජලාශ හිස් කළ මේ පාදඩ ඩීසල් මාෆියා ත්‍රස්තවාදීන්ට කුමක් කළ යුතු ද?

(කුමාර ලියනගේ )

KL/2022/06/12@gotagohome

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්