නවතම පුවත්

රාජ්‍ය සේවකයින්ට විදෙස්ගතවීමට විශේෂ අවසරයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත .

ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව දේශීය සහ විදේශීය වැටුපට අදාළ කර ගත හැකි ආකාරයට වැටුප්‍ රහිත විදේශ නිවාඩු ලබා ගත හැකිවේ.

වයස අවුරුදු 35ට අඩු රාජ්‍ය නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක / භාෂා දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පුර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය.

එම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් හරහා සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් එවීම සිදුකළ යුතුවේ.

එහිදී ප්‍රාථමික සේවා ගණනයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 100ක්, ද්විතීයක ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 200ක්, තෘතීයක සේවා ගණයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 500ක මුදලක් මාස් පතා මෙරට පිහිටි සිය අනේවාසික ගිණුම් වෙත එවීම සිදුකළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

අදාළ චක්‍රලේඛය පහතින් :

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්