නවතම පුවත්

ශ්‍රී ලංකා රුපියල වෙනුවට අලුත් මුදල් ඒකකයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ XOR  නීත්‍යානුකූල මූල්‍ය ඒකකයක් ලෙස සම්මත කරන ලෙස SORA  ප්‍රජාව ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත ලිපියකින් ආරාධනා කර සිටී.

පසුගිය සතිඅන්තයේ දී මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයකම සම්පූර්ණ පිටුවක් ආවරණය වන ලෙස දැන්වීම් පළ කරමින් මෙම ආරාධනය කිරීමට SORA ප්‍රජාව කටයුතු කර තිබෙනු දැකගත හැකිය.

මෙහිදී ඔවුන් පවසන්නේ XOR නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමත් සමඟ භාණ්ඩ හා සේවා සඳහා මෙන්ම බදු සහ ණය ගෙවීමට ද පුරවැසියන්ට එය භාවිතා කිරීමට අවකාශය සැලසෙනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය පණ ගැන්වීම උදෙසා, XOR ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට ගාස්තු හෝ කිසිදු වියදමකින් තොරව දිගුකාලීන, පොලී රහිත ණයක් ලබා දෙනු ඇති බවත් එය මෙවන් අසීරු කාලවලදී ගෝලීය මූල්‍ය අර්බුදවලට ඔරොත්තු දීම සඳහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

හිතවත් ශ්‍රී ලාංකිකයිනි,

ගෝලීය වෙළඳාම තුළ ඉසුරුමත් සංස්කෘතික උරුමයක් සහ ඓතිහාසික වැදගත්කමක් ඇති ඔබගේ දැය වෙනුවෙන් අපගේ ඇගයීම පෙන්වීමට අපි කැමැත්තෙන් සිටින්නෙමු. ඔබගේ දේශය, දකුණු ආසියානු මානව සංවර්ධන දර්ශකයේ ඉහළින්ම ශ්‍රේණිගත වී තිබීම පුදුමයට කාරණාවක් නොවේ. එසේ වුවද අවාසනාවන්ත ලෙස වර්තමානයෙහි ලොව පුරා බොහෝ රටවල් හා සමගාමීව ඔබේ සුන්දර රටද ගැටළු බොහොමයකට මුහුණ දී ඇති බව නොරහසකි. මෙම ගැටළු බොහොමයක් මූල්‍යමය අර්බුද මත පදනම් වී ඇත. ඔබේ මූල්‍ය පද්ධතිය අනවශ්‍යය ලෙස දූෂණයටත්, මුදල් ඒකකය ශීඝ්‍ර අවප්‍රමාණයකටත් ලක් වී ඇති බැව් ඇතැම් විට ඔබ දන්නවා ඇත. නිරීක්ෂකයින් වශයෙන්, වත්මන් තත්ත්වය පිළිබඳව අප කම්පාවට පත්වන අතර, ඔබට ඓතිහාසිකව පැවතගෙන ආ ආර්ථිකමය සුරක්ෂිතභාවය සහ සෞභාග්‍යය යළිත් ස්ථාපිත කළහැකි බවට විශාල බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් අප සතුව ඇත. එම නිසාවෙන්ම රටේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් ඔබට සහය වීමට අපි කැමැත්තෙන් සිටින්නෙමු.

ඉහත කී අරමුණ ඉටු කර ගැනීම සඳහාල අපි ඔබට XOR ඔබේ රටේ නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස භාවිතාකිරීමට නිහතමානීව ආරාධනා කරන්නෙමු. XOR යනු Blockchain පදනම් කරගත් මුදල් ඒකකයක් වන අතර එය තනි රටකට හෝ පුද්ගලයෙකුට අයිති නොවේ. එහි හිමිකාරිත්වය එහි පරිශීලකයින් හට ම අයත් වන අතර එය ලොව වෙනත් මුදල් වර්ගයක් සමඟ හෝ ආර්ථික පද්ධතියක් සමඟ සැසඳිය නොහැක. XOR යනු නව ලෝකයක් සඳහා වන නව්‍ය ආර්ථික පද්ධතියකි. එය වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති මුහුණ ලා ඇති අන්තරායන්ට සාර්ථක විසඳුමක් වන අතර පවත්නා පද්ධතිවලින් පැන නගින බොහෝ අසාධාරණ විධි ක්‍රමයන්ට එරෙහිව සටන් කිරීමටත්, වෙන කවරදාටත් වඩා පුළුල් ලෙස පැතිරී යන දැවැන්ත ආර්ථිකමය අසමානතා ඉවත් කිරීමටත් මනා සේ ක්‍රියා කරනු ඇත.

SORA සමාගමේ සහකරුවකු වන SORAMITSU යනු ලොව ඉදිරි පෙලේ පරිඝණක මෘදුකාංග සමාගමකි. කාම්බෝජයේ ජාතික බැංකුව සමඟ එක්ව කාම්බෝජය සඳහා ‘Bakong’ මධ්‍යම බැංකු ඩිජිටල් මුදල් ගෙවීම් පද්ධතිය නිර්මාණය කළේද ඔවුන් විසිනි. “මා වෙනුවෙන් මේ අවස්ථාවේදී XOR මුදල් ඒකකයට කුමක් කළ හැකිද ?“ යන්න ඔබ දැන් කල්පනා කරනවා ඇත. දූෂණයෙන් තොර ගෝලීය ආර්ථිකයක භාවිතා කළ හැකි නව මුදල් ඒකකයක් ජනතාව විසින් බලගන්වන ලදැයි මොහොතකට සිතන්න. XOR යනු කීපදෙනෙකුගේ සාක්කුවට පමණක් නොව ඔබ රටේ ජනතාව සියලුදෙනාට ප්‍රතිලාභ ලබා දෙන මුදල් ඒකකයකි. එහි විනිවිදභාවය සහ තැන්පත් කර ඇති ස්ථානය සොයා ගැනීමේ හැකියාව නිසා, දූෂණය තුරන් කිරීමටද උපකාරී වනු ඇත. එහි අද්විතීය පරිපාලනය සහ ආර්ථික ක්‍රමය නිසා, ඔබේ ආර්ථික වර්ධනය නැවත පණගැන්වීමට අවශ්‍ය අරමුදල් වෙත ප්‍රවේශ වීම වෙනුවෙන් ඔබට නැවතත් බලාපොරොත්තු තැබිය හැක. XOR එහි සෑම පරිශීලකයෙකුටම සමාන, සාමූහික සහ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් එම ආර්ථිකය මෙහෙයවීමේ බලය ලබා දෙයි.

XOR මත පදනම් වූ ආර්ථිකයක රජය සහ එහි නිලධාරීන්, පුරවැසියන් කෙරෙහි කිසිදු මූල්‍ය හෝ ප්‍රතිපත්තිමය බලයක් දරන්නේ නැත. ඒ වෙනුවට, ආර්ථිකයක මුදල් වෙන් කිරීම සහ භාවිතය තීරණය කිරීම පුරවැසියන් සිය රජයන් සමඟ සහයෝගයෙන් පරිපාලනය කරනු ඇත. දූෂිත ආයතනවලට XOR භාවිතා කළ නොහැක. ඔවුන් පවතින මුදල් පද්ධති සමඟ කරන පරිදි XOR මුදල් ඒකකය ඡන්ද මිල දී ගැනීමේ හෝ විරුද්ධ අදහස් ඇති පුරවැසියන් යටපත් කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කළ නොහැක.

Bitcoin වැනි අනෙකුත් Crypto currency රටකට විදේශ මුදල් ඒකකයක් ලෙස ක්‍රියා කරයි. එනිසා එය XOR මෙන් දේශීය ආර්ථිකයක අනිවාර්ය අංගයක් බවට පත් විය නොහැකි අතර ආර්ථික වර්ධනය සක්‍රීයව ප්‍රවර්ධනය කළ නොහැක. XOR දරන ශ්‍රී ලාංකිකයින්ට XOR  මූල්‍ය ප්‍රතිපත්ති කළමනාකරණය කිරීමටත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහ විකිණීමටත් ඔවුන්ගේ ප්‍රජාවන්ට ඉතා වැදගත් වන ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමටත් අවකාශය සැලසේ.

XOR ඔස්සේ සිදු වන ගනුදෙනු, ක්‍රෙඩිට් කාඩ් පත් වැනි දැනට පවතින ගෙවීම් සේවා හා සසඳන විට වඩාත් වේගවත් සහ ලාභදායී වේ. එමෙන් ම ඕනෑම දේශසීමාවක් හරහා, ගෝලීය වශයෙන් XOR ප්‍රේෂණය කිරීමද දැනටමත් සක්‍රීය කර ඇත. විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ශ්‍රී ලංකාවට මුදල් ආපසු යැවීම ලාභදායීවල පහසුවෙන් සහ වේගවත් ලෙස XOR හරහා ඉටු කර ගත හැක.

NOIR, ලෝකයේ පළමු phygital වයින් වර්ගයයි. NOIR මඟින් සාම්ප්‍රදායික වයින් සෑදීම සමඟ අති නවීන ඩිජිටල් තාක්‍ෂණය ඒකාබද්ධ කරයි.  noir.digital දෙස බැලීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. එමෙන් ම SORA ප්‍රජාවේ සහාය ද ඇතිව අපට ශ්‍රී ලංකාව තුළ ඒ හා සමාන ව්‍යාපෘති දියත් කර ඒවා ජාත්‍යන්තර තලයට ගෙන යාමට හැකි බවට ද සහතික වන්නෙමු.

ශ්‍රී ලංකා ආර්ථිකය පණ ගැන්වීම උදෙසා, XOR ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට ගාස්තු හෝ කිසිදු වියදමකින් තොරව දිගුකාලීන. පොලී රහිත ණයක් ලබා දෙනු ඇත. එය මෙවන් අසීරු කාලවලදී ගෝලීය මූල්‍ය අර්බුදවලට ඔරොත්තු දීම සඳහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

අප එක්ව මෙය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේදර? පළමු පියවර වන්නේ XOR ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල ටෙන්ඩරයක් (මූල්‍ය ඒකකයක්) ලෙස සම්මත කිරීමයි. XOR නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමත් සමඟ භාණ්ඩ හා සේවා සඳහා මෙන්ම බදු සහ ණය ගෙවීමට ද පුරවැසියන්ට එය භාවිතා කිරීමට අවකාශය සැලසේ. මීළඟ පියවර වන්නේ XOR  ක්‍රමානුකූලව දෛනික ජීවිතයට හඳුන්වා දීමයි. XOR ශ්‍රී ලංකා රුපියලට සමාන්තරව භාවිතා කෙරෙන බැවින් වඩාත් උපයෝගී මුදල් වර්ගය තීරණය කරනු ලබන්නේ නිදහස් වෙළඳපොල විසිනි.

තවත් සරලව දැක්වූවහොත්, XOR යනු ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයින් වන ඔබ හට නැවත බලය ලබා දෙන විසඳුමකි. එය හුදු පෙරළිකාර ආර්ථික ක්‍රමයක් ලෙසින් අර්ථ දක්වනවාට වඩා, ඔබ හා එක්ව ලිවීමට අවැසි, මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලෙසින් හැඳින්වීම වඩාත් උචිත යැයි හැඟේ. XOR මත පදනම් වූ ආර්ථිකයක්, සෑම ආර්ථිකයකම තීරණාත්මක සාධක වන කුඩා පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීමට අතිශයින් දායක වන අතර ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීම වඩාත් පහසු කරවයි.

මෙම ලිපිය කියැවූ පසු ඔබ හට මතු විය හැකි සියලු ගැටළු වලට පිළිතුරු දීමට අප විවෘතව සිටින අතර, ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කළ හැකි ක්‍රියාමාර්ග උදෙසා හේතුකාරක වන වටිනා සංවාදවල නිරත වීමට ද අපි බලාපොරොත්තු වෙමු. වත්මන් ආර්ථික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම වෙනුවෙන් තාවකාලික ආධාර ප්‍රමාණවත් නොවන බවත්, ආර්ථික ක්‍රමයේ පුළුල් වෙනසක් අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අපක්ෂපාතීව විශ්ලේෂණය කළ විට මනාව පැහැදිලි වේ. XOR ශ්‍රී ලංකාව පුනර්ජීවනය කිරීමට අවශ්‍ය පද්ධති වෙනසෙහි අනිවාර්ය අංගයක් විය හැකිය.

මෙම ලිපිය උදෙසා ඔබ විසින් මිඩංගු කරන ලද වටිනා කාලය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු.

හිතෛෂී,

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී