නවතම පුවත්

ඉන්ධන මිල හෙට සිට ඉහලයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය.

එම මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් බවට පත්වීමට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මැයි මස 24 වැනිදා කළ අවසන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් දක්වා ඉහළ දැමීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී