නවතම පුවත්

ගෙදර වැඩ නිසා මෙරට කාන්තාවන්ගෙන් 60%කටම ආර්ථික අතින් ක්‍රියාශීලී වෙන්න බැරිවෙලා

අසංක

අසංක

මෙරට තුළ වෙසෙන ස්ත්‍රීන් හා පුරුෂයන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු අනාවරණය කරගැනීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හැකියාව ලැබී තිබේ.

ඒ 2020 වසරේදී කරන ලද ශ්‍රම බල සමීක්ෂණය ඔස්සේ ය.

මෙම සමීක්ෂණයට අනුව තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතූන් දෙක ලෙස පුරුෂ පාර්ශවයත් ස්ත්‍රී පාර්ශ්වයත් දක්වා ඇත්තේ වෙනස් කරුණු බව පෙනෙන්නට තිබේ.

ඒ අනුව තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතූන් දෙක ලෙස පුරුෂ පාර්ශවය දක්වන්නේ අධ්‍යාපන කටයුතු වල නිරත වීම හා විශ්‍රාමික/ වයස්ගත බවට පත්වීමයි.

ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන පිරිමින්ගෙන් පිළිවෙලින් 39%ක් හා 34%ක් වශයෙන් ඊට ඇතුළත් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

කෙසේ නමුත්, තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතුව ලෙස කාන්තා පාර්ශවය දක්වන්නේ ගෘහ කටයුතුවල නිරත වීම ය.

ඒ අනුව ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන කාන්තාවන්ගෙන් 60%ක් ඊට ඇතුළත් වී ඇත.

මෙයින් පෙනී යන කරුණක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ගෘහ කටයුතු බොහෝ දුරට කාන්තාවන්ටම වෙන් වී ඇති කාර්යයක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි