නවතම පුවත්

ගෑස් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් තැබේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

එම ගෑස් මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්රෝ සමාගම විසින් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

මෙම තොගය මාස හතරකට රටට ගෑස් සැපයීමට ප්‍රමාණවත් වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇතැයි ද එයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇතැයි ද ඉතිරි ගෑස් 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ගිවිසුමට අනුව ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික ගෑස් තොගය ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එය බෙදා හැරීම වහාම ආරම්භ කෙරෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී