නවතම පුවත්

අවිශ්ක ක්‍රිකට් ආයතනට නඩු දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් නිර්දෝෂී බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කිසිදු කරුණු විමසීමකින් තොරව තම සේවය අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා ‘නැගී එන හිටපු පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පැවසීය.

ඩුබායිහිදී 2017 වසරේ දෙසැම්බර් මස පැවැති ‘ටී10’ තරගාවලියේදී තරග පාවාදීමකට අවිශ්ක සම්බන්ධ යැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුගේ සේවය තාවකාලිකව තහනම් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවිශ්ක ගුණවර්ධන සහ ඔහුගේ නීතිඥයා වන ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරුවන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (13) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

එහිදී අවිශ්ක ගුණවර්ධන පැවසුවේ තරග පාවාදීමට සම්බන්ධ යැයි කියන තොරතුරු තමන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව වෙත වාර්තා නොකිරීම දූෂිත ක්‍රියාවක් බවට චෝදනා එල්ල කර ඇති බවයි.

“මෙම චෝදනා පදනම් කරගෙන කිසිදු වීමසීමක් නොකර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගේ සේවය අත්හිටුවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් නීතිමය ක‍්‍රියාමාර්ග කීපයක් ගෙන තිබෙනවා.

වයස අවුරුදු 11දී ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ කළ මා අද වනතුරු කිසිවිටෙකත් නීතිවිරෝධී හෝ දුරාචාර ක‍්‍රියාවක් කරන්න සිතන්නේ නෑ. මම ක‍්‍රිකට් පුහුණුකරුවකු ලෙස වසර 12ක් පුරා පාසල් මට්ටමේ ක‍්‍රිඩකයන්ගේ සිට ‘ඒ’ කණ්ඩායම දක්වා ක‍්‍රීඩකයන් පුහුණු කර තිබෙනවා. මා කිසිදු නීතිවිරෝධී හෝ හානිකාරී දෙයකට සම්බන්ධ වී නොමැති නිසා පසුගිය දින කීපය වන තෙක් චෝදනා එල්ල වී නෑ.

මෙම චෝදනාව පදනම් වෙන්නේ තනි ක‍්‍රීඩකයකු ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවට ඉදිරිපත් කළ ඊනියා චෝදනාවක්. ඔහු නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති වීමත්, විනය හේතූන් නිසාත් කීප විටකදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට මට සිදුවුණා. මෙම පදනම් විරහිත චෝදනාවට එය හේතුවී තිබෙනවා.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාගෙන් ප‍්‍රශ්න කළ විට මම වහාම මාගේ ජංගම දුරකතනය සහ බැංකු ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වූවා. එසේ වුවත් වැරැදිකරු වීමට පෙරම මට දඬුවම් දීලා.’’ යැයි පැවසුවේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී